Uncategorized

නව සාමාන්‍ය තත්ත්වයේ පාරිභෝගිකයන්ගේ සහ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාදීම සඳහා කීල්ස් සුපිරි වෙළෙඳසල් අනුගත වී ඇති ආකාරය

  • වඩාත් පහසුව සලසන ඉක්මන් හා ආරක්ෂිත සේවාවක් ලෙස නවීකරණය කරන ලද online අත්දැකීමක් (www.keellssuper.com)
  • නැවුම් බව සහතික කිරීම
  • දැරිය හැකි මිලට ඇති කීල්ස් නිෂ්පාදන හා ප්‍රවර්ධන හේතුවෙන් වැඩි ඉතුරුම්
  • අපේ ප්‍රජාවන්ට සහය වීම

තත්ත්වයෙන් උසස්, නැවුම් නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සිල්ලර වෙළඳසැල් ජාලය වන කීල්ස්හි පාරිභෝගිකයන්ගේ, ඔවුන් කරන සෑම දෙයක් පිළිබඳවම අවධානය යොමු කරයි. කොවිඩ් 19 වසංගතය අපගේ ජීවන රටාවේ බොහෝ අංශවලට සහ ව්‍යාපාර ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි බලපෑම් කර ඇත. කොවිඩ් 19 වසංගත තත්ත්වය ඇතිවන්නට පෙර පාරිභෝගිකයින් සුපිරි වෙළෙඳසැල්වලට පිවිස පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කරමින් සාප්පු සවාරි අත්දැකීම් භුක්ති විඳින්නට සමත්විය.

කීල්ස් සැමවිටම පාරිභෝගිකයින්ට සවන් දීමට ප්‍රමුඛතාවය දී ඇති අතර දුෂ්කර කාලවලදී ආරක්ෂාව, පහසුව සහ මුදල් ඉතිරිකිරීමේ හැකියාව යන කරුණුවල වැදගත්කම ඔවුන් දැන් නව සාමාන්‍ය තත්ත්වයේදී වටහාගෙන ඇත. එබැවින් පාරිභෝගිකයන්ට සහ ප්‍රජාවන්ට නිවැරදි විසඳුම් ලබා දීම සහතික කිරීම සඳහා කීල්ස් විසින් විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇත. “අපගේ පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන් සහ ප්‍රමුඛතා මූලික වශයෙන් වෙනස් වී ඇති බව පාරිභෝගික ප්‍රතිපෝෂණය මත පදනම්ව අපි තේරුම් ගෙන ඇති අතර, වෙන කවරදාකටත් වඩා මෙය අපට වැදගත්වන හෙයින් අපගේ පාරිභෝගිකයන්ට පමණක් නොව, අපගේ ප්‍රජාවන්ට ද නිවැරදි ආකාරයේ සහයක්හා සේවාවක් ලබා දීමට අප වගබලා ගන්නෙමු” යනුවෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සිල්ලර වෙළඳ අංශයේ සභාපති චරිත සුබසිංහ මහතා පැවසීය.

නවීකරණය කරන ලද කීල්ස් වෙබ් අඩවිය (www.keellssuper.com) දැන් පාරිභෝගිකයන්ට පුළුල්පරාසයක, ඉක්මන් හා ලාභදායී බෙදාහැරීමක් මෙන්ම ඇණවුමක් ලබා දීමටත්, විවිධාකාර අවශ්‍යතාසපුරාලීම සහතික කරමින් “තම භාණ්ඩ වෙබ් අඩවිය ඔස්සේ ඇණවුම් කර කීල්ස් ශාඛාවකට ගොස්ලබා ගැනීමේ” විශේෂාංගය හරහා පාරිභෝගිකයන්ට ඉතා පහසු ධබකසබැ සාප්පු සවාරි අත්දැකීමක් ලබාදෙයි.