Uncategorized

නවීකරණය වූ ලංකා බැංකු වලස්මුල්ල ශාඛාව නව පරිශ්‍රයකට

වලස්මුල්ල ජනතාවගේ බැංකු කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් සහ නවතම ඩිජිටල් බැංකුකරණ තාක්ෂණය තුළින් සිය ගනුදෙනු ඉටු කරගැනීමේ අවස්ථාව සලසමින් ලංකා බැංකුව වලස්මුල්ල ශාඛාව වඩාත් ඉඩකඩ සහිත නව පරිශ්‍රයක පසුගියදා ස්ථාපනය ප්‍රතිස්ථාපනය කෙරිණි.

දකූණු පළාතේ වලස්මුල්ල ශාඛාව 28, බෙලිඅත්ත පාර වලස්මුල්ල නගරයේ දී උත්සවාකාරයෙන් විවෘත කිරීම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර එම අවස්ථාවට ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී. පී. කේ. ගුණසේකර මහතා ප්‍රධාන ආරාධිත ලෙසින් එක්විය. ලංකා බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රසල් ෆොන්සේකා – මානව සම්පත්, කේ.ඊ.ඩී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමණාකරු – විකුණුම් හා හැසිරවීම් කළමනාකරණ, ප්‍රියාල් සිල්වා, ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ලියනගේ, දකුණු පළාත් සහකාර මහා කළමනාකරු කේ.ඒ.ඒ. කරුණාරත්න යන මහත්වරුන් සමගින් මෙහෙයුම් කළමනාකරුවන් සහ මධ්‍යම පළාතේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. වලස්මුල්ල මූලික රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ. චන්ද්‍රසේන, වලස්මුල්ල අධ්‍යපන අධ්‍යක්ෂ සී.යූ. වීරසේකර සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට එක්වූහ. විල්ගමුව ශාඛා කළමනාකරු සහ සේවක මඩුල්ල මගින් මෙම උත්සවය සංවිධානය කෙරිණි.