brand logo

නවතම LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානය කොමර්ෂල් බැංකුව අත්කර ගනී

06 February 2021

ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ව්‍යාපාරික ආයතනයක් බව යළිත් තහවුරු කරමින් 2019-20 මූල්‍ය වසරේදී ලබාගත් ඉහළ පිරිවැටුම සහ ලාභය පදනම් කරගනිමින් නවතම ‘LMD 100’ ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ආයතනික දැවැන්තයන් කාර්ය සාධනය අනුව ශ්‍රේණිගත කරන මෙම ගෞරවණීය ලැයිස්තුවේ පළමු සමාගම් 10 අතුරින් යළිත් වතාවක් ඉහළින්ම සිටින බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබෙන අතර බොහෝ විවිධාංගීකරණය වූ සමාගම් අබිබවා යෑමට බැංකුව සමත්ව ඇත. එසේම, මෙම ශ්‍රේණිගත කිරීම් මුල්වරට ප්‍රකාශයට පත්කරන ලද 1993-94 වකවානුවේ සිටම කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයකි.
 

More News..