අතන මෙතන

නගර සභා සේවකයාගේ නිවසේ මත්පෙති සහ ගංජා

නගර සභා සේවකයෙකු නිවසේ තිබු මත්පෙති සහ ගංජා සමග සැකකරුවෙකු කිරුළපන නගරයේදී අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන නුගගහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නිවෙසේ සගවා තිබු මත් පෙති 40 ක් සහ ගංජා ග්‍රෑම් 200 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවා වන නගර සභා සේවකයා මේ වන විට ප්‍රදේශය අතහැර පලාගොස් අත. ප්‍රධාන පොලිස් පරීක්ෂක වී ඊ ගිනිගේ විසින් විමර්ශනය වී ඇත්තේ එක් මත් පෙත්තක් රුපියල් 500 ක මුදලකට අලෙවි කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුට මහාධිකරණයේ හෙරොයින් සම්බන්ධ නඩුවක් විභාග වෙමින් පවතින බවද අනාවරණ වී තිඛේ.

උප පොලිස් පරීක්ෂක බී හේරත් දිසානායක / පොලිස් කොස්තාපල් ලසන්ත / අසංක / කොඩිතුවක්කු / කාන්තා පොලිස් කොස්තාපල් මානෙල් විසින් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනිමට විමර්ශන සිදුකරයි.

හේමන්ත ලියනපතිරණ