දේවාලය ඇතුළෙම කපුවා නසී
ඒකල ප්‍රදේශයේ දේවාලයක දේව ගැතිවරයකු දේවාලය තුළ මියගොස් සිටියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව ජාඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පෙරේදා (14 වැනිදා) සොයාගෙන තිබිණි.
මෙලෙස මියගොස් ඇත්තේ ‘වජිර කපු මහතා’ නමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධ අංක 50/17හි පදිංචිව සිටි එස්. විපුල රෝහිත පෙරේරා නමැති 54 හැවිරිදි අයෙකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොතිබූ බව පොලිසිය කීවේය.
මියගිය පුද්ගලයාගේ පී.සී.ආර්. පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර රාගම රෝහලට යොමුකරන ලෙසට රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක ප්‍රියංකර ලාල් ප්‍රනාන්දු පොලිසියට නියෝග කළේය.
ආරියපාල වීදාගම – දොම්පේ –
ප්‍රසංග පාවුළුහේවා – කටුනායක