අතන මෙතන

දුර ගමන් බස් රථ නවතන හෝටලයක ගංජා විකුණු දෙදෙනෙකු මාට්ටු

මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් තණමල්විල නගරයේ ඊයේ (27) රාත්‍රි සිදු කල වැටලීමකදී තණමල්විල නගරයේ දුර ගමන් බස් රථ නවත්වන හෝටලයක සහ ඒ අසල ඇති ලොතරැයි කුටියක ගංජා අලෙවි කල සැකකරුවන් දෙදෙනකු වියලී ගංජා තොගයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විසින් දීර්ඝකාලයක සිට දුර ගමන් බස් රථ වල මගීන් ඉල්ලක්ක කර ගනිමින් මෙම ගංජා අලෙවි කිරීමේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි පිලිවෙලින් වයස අවුරුදු විසි හත සහ පනස් පහ යන වයස් වල පසුවන්නන් බව පොලිසිය පැවසීය.

එම සැකකරුවන් සන්තකයේ තිබී වියලී ගංජා ග්‍රෑම් තුන්සියයක් සහ ග්‍රෑම් දහයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් වැඩි දුර විමර්ශන සදහා තණමල්විල පොලිසියට භාර දී ඇති අතර මේ පිළිබඳව විමර්ශන මොනරාගල කොඨ්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් සිදු කරයි.

සැකකරු අද (28) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ජයන්ත වීරසේකර