පලා පල

වියදම් පක්ෂය ඉහල යයි. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ ප්‍රසාදයට ලක් වේ. සතුරු කරදර නිමාවට පත් වේ. අධ්‍යාපන කටයුතුවලට ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ උපයා ගනී. ලැබීමට ඇති ණය මුදලක් හිමි වේ. පොළොව සම්බන්ධ කටයුතුවලින් වාසි ලැබේ.

දුරදිග නොබැලීමෙන් පාඩු

අද දවසේ ඔබට කොහොමද

2021 සැප්තැම්බර් මස 21 වැනි අඟහරුවාදා

රාහු කාලය දිවා 03.06 සිට 04.37 දක්වා රාත්‍රී 03.02 සිට 04.31 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- බස්නාහිර

මේෂ

දුරදිග නොබැලීමෙන් පාඩු

මිශ්‍රපල උදා කරයි. වියදම් පක්ෂය පාලනය කර ගත යුතුයි. දුරදිග නොබලා කරන කටයුත්තකින් පාඩුවක් සිදු වේ. ඥාතීන් සමග ගනුදෙනු කිරීමේ දී නොයෙක් ආකාරයේ පාඩු සිදුවිය හැක. කරගෙන යන වැඩකටයුතුවල ප්‍රමාදවීම් ඇති වේ. ලාභ ප්‍රයෝජන අඩු දිනයකි. ශරීරාබාධ මතු කරයි.

වෘෂභ

සෑම අතින්ම සාර්ථකයි

ශුභපල ගෙනේ. දියුණුවට කටයුතු සැලසේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ලාභ උපයයි. හදිසි ධන ලාභ පෙන්නුම් කරයි. සතුරු කරදර නිමා වේ. කරන කියන සෑම දෙයක්ම පාහේ සාර්ථක වේ. ගොවිතැන් කටයුතුවලින් ලාභ උපයයි. ගෙදරදොර කටයුතු සාර්ථක වේ. ණය මුදලක් ලැබේ.

මිථුන

අධ්‍යාපන ජය ලැබේ

ශුභදායකයි. බලාපොරොත්තු ඉෂ්ට වේ. ඥාති මිත්‍රාදීන් අතර හොඳ නමක් ඇති වේ. ප්‍රණීත ආහාරපාන භුක්ති විඳින දිනයකි. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු ද සාර්ථකත්වයට පත් වේ. රැකියා කටයුතුවල දියුණුවක් ලබයි. අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගනී.

කටක

සතුරු කරදර මතු වේ

මිශ්‍රපලදායකයි. ශරීරයට වෙහෙස ගතියක් දැනේ. පවුලේ වැඩිහිටියන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. ආගම දහම කෙරේ නැඹුරු වේ. අනුන්ගේ තැන්වල වාසය කිරීමට සිදුවිය හැක. සතුරු කරදර හේතුවෙන් සිතේ පීඩාකාරී ගතියක් ඇති වේ. දරුවන් සම්බන්ධයෙන් වෙනදාට වඩා වෙහෙසේ.

සිංහ

වචන පාවිච්චිය ප්‍රවේසමෙන්

කල්පනාකාරී විය යුතුයි. නිෂ්ඵල ලෙස මුදල් වියදම් වේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ අප්‍රසාදයට ලක් වේ. ගෙදරදොර කටයුතුවල දී වචන පාවිච්චියේ දී ප්‍රවේසම් වන්න. ඉක්මන් තීරණ ගැනීමෙන් පාඩු සිදුකර ගනී. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ.

කන්‍යා

ගෞරව සැලකිලි ලැබේ

ශුභදායකයි. සැප පහසුවට කටයුතු සැලසේ. රැකියා කටයුතුවල උසස්වීම්වලට මග පෑදේ. විදෙස් අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් ප්‍රතිඵල හිමි‌ වේ. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. වචන පාවිච්චියෙන් අන්‍යයන් වසඟයට ගනී. ගෙෳරව සැලකිලි හිමි වේ. සෙෳඛ්‍යය යහපත්.

තුලා

පිටස්තර අයකුගෙන් උදව්වක් ලැබේ

මිශ්‍රපලදායකයි. සුළු සුළු ලාභ උපයයි. සතුරු කරදරවලින් නිදහසක් ලැබේ. තම හිතවතුන්ගේ ලෙඩදුක් සම්බන්ධ ආරංචි ලැබේ. කලක් තිස්සේ සිතේ තිබූ අදහසක් ඉටු වේ. කය වෙහෙසා වැඩ කරයි. පවුලෙන් පිට අයකුගෙන් උදව් උපකාරයක් හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි.

වෘශ්චික

විවාහ යෝජනාවලට බාධා

ශුභා’ශුභ මිශ්‍රයි. බලාපොරොත්තු ඉටුවීම පමා වේ. නීතිමය ගැටලුවලින් පාඩු සිදු වේ. සැමියා හෝ භාර්යාව සමග හිත් අමනාපකම්වලට ඉඩ පවතී. විවාහ යෝජනා සම්බන්ධ ගැටලු පැන නගී. අනවශ්‍ය අය සමග සම්බන්ධතා ඇතිවිය හැක. රක්තවාතාබාධ ඇත්නම් උත්සන්න වේ.

ධනු

ජලයෙන් පීඩා

ශුභපල අඩු කරයි. සිත් චංචල කරවන සිදුවීම් යෙදේ. ජලය සම්බන්ධ පීඩාවලට මුහුණ දීමට සිදු වේ. වියදම් පක්ෂය අධික ලෙස ඉහල යයි. අනවශ්‍ය දේ සඳහා මුදල් වියදම් කිරීමට සිදු වේ. ඥාති මිත්‍රයන් සමග අවුල් වියවුල් ඇති විය හැක. කරගෙන යන කටයුතු කල් දැමීමට සිදු වේ. තෑගිබෝග උරුමයි.

මකර

ස්ත්‍රී සබඳතා වැඩි වේ

මිශ්‍රපලයි. දියුණුවට අවශ්‍ය සැලසුම් සකස් කරයි. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීම තරමක් අසීරු වේ. කතාබහ‌ ‌හේතුවෙන් සතුරන් ඇතිවිය හැක. ස්ත්‍රී පක්ෂය සමග සම්බන්ධතා වැඩි වේ. ධෛර්යවන්තව රැකියා කටයුතුවල නිරත වේ. තමා ගැන ගුණ වර්ණනාවක් සිදු වේ. ශරීර සෞඛ්‍යය යහපත්.

කුම්භ

හුදෙකලා වීමට ප්‍රියයි

ශුභා’ශුභ මිශ්‍රයි. වියදම් පක්ෂය අධිකයි. මුදල් වියදම් කිරීමට විවිධ අවස්ථා යෙදේ. තම දේපළ සම්බන්ධ නීති ගැටලු පැන නගී. රැකියා ස්ථානයේ මත ගැටුම් ඇති කරයි. එදිනෙදා වැඩකටයුතුවලට බාධා පැමිණේ. හුදෙකලාව සිටීමට කැමැත්තක් දක්වයි. අධ්‍යාපනයට උනන්දු විය යුතුයි. ශරීරයේ අප්‍රාණික ගතියක් ඇති වේ.

මීන

ලොතරැයි වාසනාවලට ඉඩ

ශුභදායකයි. රැකියා කටයුතුවලින් දියුණුවක් ලැබේ. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. තරග විභාගවලට ඉදිරිපත් වීමෙන් ජය ලබයි. අලුතින් ආරම්භ කරන කටයුතුවල දියුණුවක් දැකිය හැක. පවුල් ජීවිතයේ සබඳතා වර්ධනය වේ. ලොතරැයි වාසනාව උරගා බැලීමට සුදුසුයි. සෞඛ්‍යය යහපත්.