අතන මෙතන

දුරදිග ගිය ආරවුල නිසා පියපුතු එක්ව ඥාතියා පරලොව යවලා

 

 

කටුගස්​තොට පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශ‍ය් පදිංචි පියෙකු සහ පුතකු එක්ව 35 හැවිරිදි අවිවාහක පුද්ගලයකු කපාකොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය පෙරේදා (20දා) මධ්‍යම රාත්‍රියේ සිදුව තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ දෙපාර්ශ්වය අතර තිබූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබෙන බව හෙළිව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පිය පුතු දෙදෙනා කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙපාර්ශ්වයම එකම වැට මායිමක ජීවත් වන ඥාතීන් බව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යෝධපේඩිගේ ඇග්නිසියස් කරුණාරත්න (35) නමැති අයෙකි.

කමල් සුරවීර – මහනුවර