brand logo

දුම්රිය සේවයෙන් විශ්‍රාමිය ගිය නිලධාරීන් යළි බඳවා ගැනීමේ තීරණයක්

26 June 2019

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ලෙස විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව විශ්‍රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින්, මාර්ග පරීක්ෂකයින් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා පෙරවරු 9.00ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත් වෙන බව ද ප්‍රවාහන අමාත්‍යංශය විශ්‍රාමික නිලධාරීන්ට දැනුම් දෙයි. මේ අතර සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු සෑම බ්‍රහස්පතින්දා දිනයකම මධ්‍යම රාත්‍රී 12.00 සිට එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පසුගියදා ප්‍රකාශ කළේය.
 

More News..