brand logo
logo

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අතිරේක බස් රථ 250 ක් යොදවයි

04 July 2019

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අතිරේක බස් රථ 250 ක් පමණ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. සියලු ප්‍රධාන නගර ආවරණය වන පරිදි එලෙස අතිරේක බස් රථ යොදවා ඇති බව එහි සාමාන්‍යාධිකාරී සඳහන් කළේය.. එමෙන්ම දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඒ සේවකයෙකු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් විනය ක්‍රියාමාර්ගයක් වැළැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදු කළ බව කියන බලපෑම්වලට විරෝධය පළ කරමිනි.
 

More News..