brand logo

දුම්රියෙන් වැලි අදින්න යයි

20 October 2020

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට වැලි ප්‍රවාහන කටයුතු සිදු කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්භන්ධයෙන් මුලික සාකච්ඡාවක් පවත්වා ඇත. ඊයේ (19දා) මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී එම සාකච්ඡාව සිදුකර තිබේ. මේ සඳහා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, මහවැලි කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ප්‍රවාහන නියාමනය, බස් ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වී ඇත. දැනට මහවැලි කලාපයන්හි සිට කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට වැලි ප්‍රවාහනයසිදුකරනු ලබන්නේ ලොරි රථ වන අතර, එහිදී ප්‍රවාහනය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව මෙම සාකච්ඡාවෙදී අනාවරණය කරගෙන ඇත. වැලි ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමෙන් සහන දායක මුදලකට වැලි වෙළඳ පොළ ට, නිකුත් කිරීමට හැකි බව සාකච්ඡාවට සහභාගී වී සිටි නිලධාරීහූ අමාත්‍යවරුන්ට පෙන්වා දී ඇත.
 

More News..