brand logo

කහ උණට දෙන බෙහෙතෙන් දිය වැඩියාව නිට්ටාවට සුව වේ

15 July 2021

විශ්මිත වූ කෙටි ඖෂධ වට්ටෝරුව මෙන්න

රුධිරයෙහි පවත්නා යකඩ ඌනතාව, හිමොග්ලොබින් ඌනතාව, පඬු රෝගය ලෙස සැලකේ. පඬු රෝගය හා සමගාමීව ඇතිවිය හැකි අනෙක් රෝගී තත්ත්වයකි කාමල ව්‍යාධිය. වර්තමානයේදී කහ උණ නමින්ද මෙම රෝගය ව්‍යවහාර කෙරේ. ඉපැරණි වෛද්‍යාචාර්යවරු මෙම රෝගය පිත් යුෂ රුධිරය හා මිශ්‍ර වීමෙන් හටගන්නා ව්‍යාධියක් ලෙස සැලකූහ. [caption id="attachment_157197" align="alignnone" width="496"] කාමල ව්‍යාධිය හෙවත් කහ උණට ගොදුරු වූ දරුවෙක්[/caption] පිත රුධිරය හා මිශ්‍ර වීම නිසා හටගැනෙ පැරැන්නන් කාමල ව්‍යාධිය ලෙස ව්‍යවාහාර කළ වර්තමානයේ කහ උණ නමින් හැදින්වෙන රෝගය සඳහා පුස්කොළපත් ඉරුවක දීර්ඝ ඖෂධ ප්‍රතිකාර්යයක් නියමකොට තිබුණේ පහත පරිදිය. කොසඹ පොතු බැලලිය මුල් ත්‍රිපලා වැල් මී සමසේ කල්ක කොට අඹරා තලතෙල් එලකිරි දෙකිං නැලිය නැලිය ගෙන සිය සතරක් වත්කොට කකාරා තෙල් නැලිය පවනෙ සිටි කල පදමට හා පෙරා ගෙන පොවනු කාමල නැතිවේ ඉහත ඇති වට්ටෝරුවට අනුව ඖෂද වර්ග අටක් ඇතුළත්ව ඇත. මෙහිදී මූලිකව කොහොඹ පොතු බැලිල මුල් සහ අරළු, බුළු, නෙල්ලි, වැල්මී යන ඖෂධ පමණ දැන සම ආකාරයෙන් කිරා මැන ගැනීමට උපදෙස් දී ඇත. අනතුරුව බෙහෙත් ගලගා , තල තෙල් හා එළිකිරි දෙවර්ගයෙහි නැළිය ගානේ ලබාගෙන ඊට කල්ක කොට අඹරාගත් ඖෂධ දියපත හතරක්ද සමග  එක්කොට කෂායකොට සුළඟ වැදෙන ලෙස තබා පමණට පදම් වූ පසු පෙරා පෙවීමට නිර්දේශ කොට ඇත. මේ ඖෂධයෙන් කාමල නමින් යුත් ව්‍යාධිය නිට්ටාවට සුවවන බව තහවුරුකොට ඇත. [caption id="attachment_157198" align="alignnone" width="539"] ඖෂධ සියල්ල ගෙන හොඳින් අඹරා ගන්න[/caption] අපගේ අවධානයට ලක් වූ පුස්කොළ පත් ඉරුවෙහිම කාමල ව්‍යාධිය සහ පඬු රෝගය යන රෝග දෙකම නිට්ට්වාට සුව කළ හැකි ප්‍රත්‍යක්ෂ ඖෂධ වට්ටෝරුවක් සඳහන් කොට තිබුණේ පහත පරිදිය. රසකිඳ වැල් ත්‍රිපලා බිං කොසඹ මහ කොසොඹ පොතු කුළු රෑන මෙකී දේ සමසේ දොළොස් කලඳක් ගෙන දිය දෙනැළියක් වත්කොට කකාරා පතට හෙළි සිඳ තැන බා පෙරා මී පැණි එක්කොට පොවනු මෙහිදී රසකිඳවැල්, ත්‍රිපලා, බිංකොහොඹ, මහ කොහොඹ පොතු හා කුළුරෑන ආදී වට්ටෝරුවට අයත් ඖෂද කලං දොළොසක ප්‍රමාණය ගෙන පිරිසිදු ජලය හැළි දෙකක ප්‍රමාණය මුසුකොට මඳ ගින්නෙහි කෂාය කොට එක් පතකට ඖෂධ සාරය සිඳ ගැනීම වැදගත් කොටස සලකා ඇත. අනතුරුව හොඳින් පෙරාගෙන පිරිසිදු මී පැණි හා මුසුකොට රෝගියා වෙත ලබාදීමෙන් කාමල හා පාංඩු රෝග නිට්ට්ටාවට සුව වන බව තහවුරු කොට ඇත. [caption id="attachment_157199" align="alignnone" width="602"] කහ උණට දෙන බෙහෙත දිය වැඩියාවටත්[/caption] කාමල රෝගය පමණක් නොව, කාමල රෝගයත් සමග ඇතිවිය හැකි එසේම කාමල ව්‍යාධියට අමතරව පුද්ගලයා තුළ පවතින දියවැඩියා රෝගය සහ ඉදිමීම් යන ව්‍යාධීන් පවා සුවපත් කළ හැකි විශ්මිත වූ කෙටි ඖෂධ ප්‍රතිකර්මයක් අපගේ අවධානයට පාත්‍ර වූ පුස්කොළ පත් ඉරුවෙහි සටහන්ව පැවතියේ පහත පරිදිය. මිරිස් වග පූල් යශුනු ශමග ශුනුකොට එළඟිතෙල් මී පැණි එක්ව අනා වළඳනු කාමල රෝග ඉදිමුං දියවැඩියා නැතිවේ. මෙම ප්‍රතිකර්මයේදී ඖෂධ වර්ග හතරක් පමණක් භාවිතයට උපදෙස් දී ඇත. ඒ අනුව අදාළ ප්‍රමාණයට මිරිස්, වගපුල් සහ යසුනු යන ඖෂධ ත්‍රිවර්ගය කිරා මැනගෙන හොඳින් කුඩුකර, එළඟිතෙල් හා මී පැණි මුසුකොට හොඳින් අනා ආහාරයක් සේ අනුභව කිරීමට සැලැස්වීම සුදුස බවට උපදෙස් දී ඇත. මේ ලෙස ලබාදෙන බෙහෙත් ප්‍රතිකර්මය බෝ නොවන රෝග ගනයට අයත් දියවැඩියා රෝගය පවා නිට්ටාවට සුව කළ හැකි විශ්මිත ඔසුවක් බවට පුරාණ පුස්කොළ පත්ඉරු සාක්ෂි වේ.    
 

More News..