අතන මෙතන

දියකාවන් දඩයමේ ගිය දෙදෙනෙකු STF අත්අඩංගුවට

දියකාවන් දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු අක්කරේපත්තුව කුලාවඩි ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 සහ 36 වියෙහි පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

සැකකරුවන් සතුව තිබි මරා දමන ලද දියකාවන් 19 දෙනෙකු සහ දඩයම් කිරිමට යොදාගත් කැටපොලයක්ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

ඇදිරි නීතිය කාලය තුල යතුරු පැදියකින් මෙම සැකකරුවන් මස් ප්‍රවාහනය කරමින් සිටියදී මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකොට ඇත.

හේමන්ත ලියනපතිරණ