දිප්පිටියේ පාසල් දෙකක් වසා දමයි
අරණායක දිප්පිටිය ප්‍රදේශයේ පාසල් දෙකක් අද (20) පෙරවරුවේ සිට වසා දමා තිබේ.
ඒ අනුව දිප්පිටිය අල් ජෙලාල් මුස්ලිම් මහා විද්‍යාලය හා විල්පොල අල් අර්ෆා ප්‍රාථමික විද්‍යාලය මෙලෙස වසා දමා ඇත.
අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසුවේ විල්පොල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් සිදුව ඇති බවයි.
මේ හේතුවෙන් මෙම පාසල් දෙක පැවැත්වීම අවදානම් සහිත බැවින් අද (20) සිට දින නියමයක් නොමැතිව පාසල් වසා දැමීමට පියවර ගෙන තිබේ.