Uncategorized

දින හතක් තුළ ‘සජිත්’ව නම් කරන්න – එජාප මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කරයි

‘සජිත් නොදුන්නොත්’ තමන් පක්ෂය හැර යන්නේ යැයි කියන එ.ජා.ප. කණ්ඩායම එළඹෙන දින හත තුළ අපේක්ෂකත්වය සඳහා ‘සජිත්’ නම් කළ යුතු බවට පක්ෂ නායකයන් වෙත ‘රතු නිවේදනයක්’ භාර දීමට කටයුතු කළ අතර එම ‘නිවේදනය’ නිසා එ.ජා.ප. නායක රනිල් බිත්තියටම හේත්තු වන සතියක් උදා වීමට නියමිතව ඇති බව කිව හැකි ය.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණත්, ඔවුන් සමඟ අත්වැල් බැඳගනිමින් සිටිනා වියතුන් සහ කලාකරුවනුත් පවසන්නේ, අද (ඉරිදා) ගෝල් ෆේස් පිටියේ දී 2020 ජනාධිපතිවරණය සඳහා වන ‘හොඳම අපේක්ෂකයා’ කලඑළි බස්වන බවයි.