brand logo

දිනෙන් දින වාහන උස්සන මිල පාලනයට මිල සූත්‍රයක්

06 September 2020

වාහන ආනයනය තහනම් කිරීමත් සමග අලෙවිසැල්වල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර තිබේ. ඊට අමතරව මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට ද තීරණය කර ඇත. ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට වාහනවල වැඩිවන මිල ගණනක් එකතු කර වෙළෙඳාසැලේ ඇති කාලයට වාහනයේ මිල සඳහා පොළියක් එකතු කර උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි මිල තීරණය කිරීමට සැලැසුම් කර ඇත. බටහිර රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බව වාර්තාවේ. චමින්ද සේනාරත්න
 

More News..