brand logo

දැව නිමැවුම් පාඨමාලා නවීන තාක්ෂණයෙන් ඔප්නැංවෙයි

17 March 2022

  ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සතු පහළ යාගොඩ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ දැව තාක්ෂණ ශිල්පී පාඨමාලාව දියුණු තාක්ෂණය සහිතව වැඩි දියුණු කර, එහි අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් යාවත්කාලීන පුහුණුවක් සහ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීමේ අරමුණින් දැව නිමැවුම් භාවිත කර ගෘහ නිර්මාණ සහ ගොඩනැගිලි නිර්මාණකරුවන් ලෙස ඉහළ කීර්ති නාමයක් දිනාගත් ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Leema Creations (Pvt) Ltd ආයතනය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 14වැනිදා සිදු කෙරිණි. ඒ අනුව ‘දැව තාක්ෂණ ශිල්පී (ගෘහ භාණ්ඩ)’ පාඨමාලාව හදාරන සිසු සිසුවියන් සියලු දෙනා ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුවෙන් පසුව Leema Creations සමාගමේ ස්ථීර රැකියාලාභීන් බවට පත්වේ. මෙහි දී Leema Creations සමාගමේ සභාපති චන්න විජේසේකර මහතා විසින් රචිත 'ලී වැඩ ප්‍රායෝගික පාඨමාලා' නම් වූ පොත එළිදැක්වූ අතර එය රාජ්‍ය ඇමතිවරිය වෙත පිළිගන්වන ලදී. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක, උප සභාපති මහේෂ් ආරියරත්න, Leema Creations සමාගමේ සභාපති චන්න විජේසේකර, කලමනාකරණ අධ්‍යක්ෂක ශමික විජේසේකර ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 

More News..