අතන මෙතන

දරුඵල ලබාදෙන බව පවසා විනාඩි 20න් පවුම් 28ක් සොරකම් කර රටින් පලාගිය සොරුන්

බදුල්ල ප්‍රදේශයේ යුවළකට දරුඵල ලබාදෙන බව පවසමින් පවුම් 28ක රන් භාණ්ඩ සොරකම් කර යුවළක් මෙරටින් පලාගොස් තිබේ.

පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව සිද්ධිය මෙසේය.

දමිල ජාතික බැංකු සේවකයෙක් වන ඔහු විවාහ වී අවරුදු තුනක් ගතව ඇතත් දරුවන් නොමැති හෙයින් දන්නා දන්නා වෛද්‍ය හමුවට ගියත් පළක් නොවීම හේතුවෙන් කෝවිල් ගානේ ගොස් දෙවියන්ට කීවද පළක් නොවීය. ඉන් පසු අවසානයේදී ඔවුන්ගේ ම සොහොයුරික් විසිනි අපූරු යුවලක් හදුන්වා දුන්නේය.

මේ යුවල පැමිණ තිබුනේ ඉන්දියාවේ කේරලයෙනි.

මොවුන් බදුල්ල හිදගොඩ ප්‍රෙද්ශයේ නිවසක් කුලියට ගෙන යාග හෝම කරමින් සිට ඇත.
තම සහෝදරිය ‍සමග ගොස් කල ආරාධනයට අනුව පූජක යුවල ඔවුන්ගේ නිවසට පැමිණ ඇත. තමන් ස්ථිරවශයෙන් දරුඵල ලබාදීම සිදුකරදෙන බවට පොරොන්දු වීම නිසා ඔවුන්ට ඇතිවූයේ අප්‍රමාණ සතුටකි.

පූසාරි විසින් කිසියම් දියරයක් දරුඵල පතන කාන්තාවගේ කටට හලා එය ඉදිරියේ ඇති භාජනයට දමන ලෙසට ඉල්ලිමක් කර තිබෙන අතර ඒ සමගම භාජනය තුලින් ගිනි ජාලාවක් මතුව ඇත.
මේ විශ්මයදුටු අඹුසැමි යුවලට මොවුන් කෙරෙහි දැඩි විශ්වාසයක් ද ඇතිවිය.

ඉන්පසුව කාමරය තුලදි පූජාව පටන් ගත්තේ ය. පූජාව සදහා පවුම් 25 ක තබන ලෙසත් පූජාවෙන් පසුව ගන්න පුළුවන් යයිද පූසාරි පවසා තිබේ.

දරුවන් ලැබීමේ ආශාවෙන් හා දෙවියන් කෙරේ තිබෙන විශ්වාසය නිසාම බිරිද තවත් පවුම් 3ක් වැඩිකර තමාගේ තාලිය ඇතුලු ස්වරණාභරණ රැසක් පූජකයාට දී තිබේ.

එම ස්වර්ණාභරණ මුට්ටයකට දමා රෙදකඩකින් වැසූ පූසාරි එදින පැයක් පමණ යාතිකා කියමින් පූජාවක් සිදුකළේය. මුට්ටිය අරින්න එපා දොර වහල තියන්න කියා ඔවුන් නිවසින් පිටව ගියේ පසුදා එන බව පවසමිනි.

එදින පැමිණ අඹුසැමි යුවල ඉදිරියේ යළි යාතිකා ආරම්භ කළ අතර කට වැසූ රත්තරන් මුට්ටියද ඔවුන් ඉදිරියේ තිබිණ. දැන් දෙන්නම ඉර නගින දිසාවට හැරෙන්න යයි පූසාරිගේ බිරිද පවසා තිබේ.

විනාඩි 20 කින් පමන පූජාව අවසන් කර පූසාරි යුවල යන්නට ගියේ පසුදින පැමිණෙන බැවින් කාමරයේ දොර වසා තබන ‍ලෙසට උපදෙස් දෙමිනි.

එහෙත් පසුදා ඔවුන් නොපැමිණි බැවින් අඹුසැමි යුවල ඔවුන් සෙයා ගියත් එම නිවසේ නැති බව දැකගන්නට ලැබී ඇත. නැවත තම ගෙදරට ඇවිත් මුටිටියේ රෙදි කඩ ඉවත් කර බැලුවිට එහි දැමූ ස්වර්ණාභරන වෙනුවට තඹ ආභරන කීපයක් තිබෙනු දක්නට ලැබී ඇත.

මේ සිදිධිය පිළිබදව අඹුසැමි යුවල බදුල්ල පොලිසියට පැමිණ පොලිසියේ පිහිට පැතුවේ දරුඵල ලබාගැනීමට නොව පූජකයා හා බිරිද විසින් හොරකම් කරගෙන ගිය ස්වර්ණාභරන සොයාගැනීමටයි.
පොලිසිය වහාම ක්‍රියාත්මක වී විමර්ශන ආරම්භ කළත් ඒවන විටත් හොර පූජක දෙපල ගුවන් තොටින් නික්ම කේරලය බලා ගොස් තිබේ.

බදුල් පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්තෙ, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර හා බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරික් රෝහිත හා උප පොලිස් පරීක්ෂක මංගල ජයතිලක යන මහත්වරු මෙම සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරති.