brand logo

දඹුල්ලේ සහ විල්ගමුවේ ගංවතුරින් නිවාස රැසක් යටවෙයි (photos)

23 November 2018

දඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීන පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රී දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍රරදේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටව පුද්ගලයන් දෙදනකු අතුරුදන් වී ඇති බව මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානි චමින්ද අමරවීර මහතා සදහන් කළේය. දඹුල්ල වතෙගන්මද්ද ඔය පිටාර ගැලීමෙන් දඹුල්ල කන්දලම උනපදුරුයාය ප්‍රදේශයේ නිවාස 25 ක් පමණ ජලයෙන් යටව එක නිවසක් සම්පුර්ණයෙන් කඩා වැටි තවත් නිවාස කීපයකට අර්ධ වශයෙන් හානිවී තිබේ. ගංවතුරක් එන බව මෙම නිවැසියන් නොදැන සිටි බවත් ඔවුහු කියති .එක වැරම රාත්‍රී 8 පමණ විශාල ජල පහරක් පැමිණ නිවාස මංමාවත් මාර්ග සියල්ල යට වූ බව ඔවුහු කියති. ජලයෙන් ටව සිටි ප්‍රදේශවාසීන් අසල්වැසි නිවාස වලට ගොස් ජීවිත බේරා ගත් අතර පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරිහු මධ්‍යම රාත්‍රියේ ගම්මානයේ සිරවී සිටි පුද්ගලයන් තිදෙනකුගේ ජීවිත බේරාගත් බව එහි ප්‍රධානි පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා පැවසිය. එමෙන්ම උණ පඳුරු යාය ප්‍රදේශයේ යුවළක් නිදාගෙන සිටියදී එකවරම අසල්වැසි අයෙකු පැමිණ ගංවතුර ගලා ඇති බව පවසා ඔවුන් අවදි කොට නිවසෙන් එලියට ගන්නවත් සමඟ සම්පූර්ණයෙන්ම නිවස බිමට සමතලා වී තිබීම විශේෂත්වයකි. යුවළගේ දිවි බේරී ඇත්තේ අනූ නවයෙන් බව එම යුවල සඳහන් කළ සිටියහ. 23 දින රාත්‍රී 8.30 සිට මධ්‍යම රාත්‍රී වනතුරුත් ගංවතුර තත්ත්වය පැවැති බවත් ඔවුහු පවසති. මධ්‍යම රාත්‍රියේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවාපතිරන මහත්මිය දඹුල්ල පොලීසිය දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරිහු පැමිණ මෙම ස්ථාන අනාරක්ෂිත ස්තාන වල සිටි සිටි පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වලට රැගෙන යෑම සහ ඔවුන්ගේ වටිනා කියන බඩුබාහිරාදිය ආරක්ෂා කර දීමේ විශේෂ මෙහෙයුමක් දියත් කළ බව ඔවුහු පවසති. ජලයෙන් යටවූ නිවාස 23 වන දින උදෑසන වනවිටත් ජලය බැස යමින් පැවතිණි. මේ අතර පැවති වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම ජලාසේ අඩි දෙකහමාරක් ජලය පිට වෙන්නට පටන් ගෙන තිබේ. මේ හේතුව නිසා මිරිස්ගොනිය ඔය හරහා කලා වැවට අධික ජල ප්‍රමාණයක් ගමන් කරමින් තිබෙන බව මහවැලි නිලධාරීහු පවසති. කණ්ඩලම වැව වාන් දැමීම හේතුවෙන් දඹුල්ල වෑවල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබිණි. මාතලේ ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී චමින්ද අමරවීර මහතා කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ ඇති වූ තත්ත්වයෙන් නිවාස විසිපහකට පමණ ජලගැල්ම සිදුව තිබෙන බවත් එක් නිවාසයෙන් නිවාසයක් සම්පුර්ණයෙන්ම කඩා වැටී තවත් නිවාස කිහිපයකට අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙන බවය .එමෙන්ම එහි නිශ්චිත තොරතුරු තවමත් තමා වෙත ලැබී නැති බවත් මේවන විට නිලධාරීන් එම ප්‍රදේශයට පිටත්කර යවා තිබෙන බව සඳහන් කළේය. ට අමතරව 22 දීන රාත්‍රියේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගම්මාන කිහිපයක් ජලයෙන් යට වී තිබුණු බව ද හෙතෙම සඳහන් කළේය. පුද්ගලයන් හැට තුන් දෙනෙකු ස්ථාන දෙකක ආරක්ෂිතව රඳවා තිබෙන බව චමින්ද අමරවීර මහතා සඳහන් කළේය. ඒ අතර විල්ගමුවේ පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට අතුරුදහන් වී ඇතැයි හෙතෙම සඳහන් කළේය. මේ වන විට අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද චමින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..