අතන මෙතන

දකුණේ ප්‍රදේශ කිහිපයක් ඩෙංගු අධි අවදානමක

ගාල්ල, බළපිටිය සහ අම්බලන්ගොඩ මහ නගර සභා බල ප්‍රදේශය ඩෙංගු අධි අවදානම් කලාපයක් හැටියට නම් කර ඇති බව හික්කඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි නිමාලි විජේසිංහ මහත්මිය හික්කඩුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසිය.

මානව සම්පත් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති මෙම රැස්වීමේදී ඒ මහත්මිය මෙසේද කීවාය.

” දිගින් දිගටම මෙම ප්‍රදේශවලින් ඩෙංගු ගැන වාර්තා වනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු කාර්ය මණ්ඩලයේද හිඟයක් පවතිනවා ” හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතා කතා කරමින් මෙසේ පැවැසීය.

පසුගිය දිනවල ඩෙංගු රෝගීන් කිහිපදෙනකු හමුවුණා.

ඩෙංගු මර්දන සඳහා අවශ්‍ය තෙල් සහ වාහන ලබාදෙන්න පුළුවන්.

සේවකයන් නැත්නම් තෙල් ඉසින මැෂිමක් දුන්නොත් කම්කරුවෙක් යොදවා කරවන්න පුළුවන්. ඒ සඳහා පුහුණු කම්කරුවන් ඉන්නවා.” යැයිද එතුමිය වැඩිදුරටත් පැවසීය.

 

සරත් කුමාර ලොකුගේ