brand logo

දකුණේ තරු පන්තියේ හෝටලයක කොවිඩ් පොකුරක්

17 January 2022

හෝටල් සේවකයින් 35කට කොවිඩ්

බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ සංචාරක හෝටලයේ 35දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එම ආසාදිතයින් පිරිස අද තහවුරු කර ගත් බවයි.

මෙලෙස කොවිඩ් ආසාදනය වූවන් අතර අදාළ හෝටලයේ සේවකයින් 32දෙනෙකු හා විදෙස් සංචාරකයින් තිදෙනෙකු ද වේ.

මෙම තත්ත්වයත් සමග හෝටල් කාර්ය මණ්ඩලයේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් නිරෝධායනයට ලක් කර තිබේ. හෝටලයේ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කර ඇත.
 

More News..