දකුණේ ආසාදිතයින් 251ක් දක්වා ඉහළට
දකුණු පළාතේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
ඊයේ(26) දිනයේ අලුතින් ආසාදිතයින් 04දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් දෙදෙනකු මාතර දිස්‍ත්‍රික්කයෙන් ද දෙදෙනකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් දෙදෙනා කොටපොල සහ මාලිම්බඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් වාර්තාවී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයින් දෙදෙනා වාර්තාවී ඇත්තේ අගුණුකොළපැළැස්ස හා සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් වේ.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 56ක් දක්වා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහල ගොස් ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 164කි.