brand logo
logo

දකුණු කොරියාවේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

02 July 2020

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව දකුණු කොරියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස අද (02) දකුණු කොරියාවේ “සෝල් නුවර“ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. පිරිස දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වන අතර ඔවුන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කළ බව වාර්ථා වේ.
 

More News..