ක්‍රීඩා

දකුණු අප්‍රිකා කණ්ඩායමේ එක වෙනසයි – අවු. 20 තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කැඳවයි

සංචාරක ශ්‍රී ලංකා කණඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම තුන් ඉරියව් නවක ක්‍රීඩකයෙක් කණ්ඩායමට කැදවා තිබෙනවා.

Wiaan Mulder නම් මෙම යොවුන් ක්‍රීඩකයා පන්දු යැවීමේදී කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති බවයි දකුණු අප්‍රිකාව සදහන් කරන්නේ.

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ එක් වෙනස්කසක් පමණක් සිදුකර ඔවුන් විසින් කණ්ඩායමට Wiaan Mulder පමණක් ඇතුළත් කර ගැනීම කැපීපෙනෙන සිදුවීමක් බවයි ක්‍රිකට් විචාරකයින් සදහන් කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා දකුණු අප්‍රිකාව ටෙස්ට් සංචිතය අද නම් කළා.

Faf du Plessis (c)
Hashim Amla
Temba Bavuma
Theunis de Bruyn
Quinton de Kock (wk)
Dean Elgar
Zubayr Hamza
Keshav Maharaj
Aiden Markram
Wiaan Mulder
Duanne Olivier
Vernon Philander
Kagiso Rabada
Dale Steyn