ව්‍යාපාරික

තේ නිෂ්පාදනය මංසන්ධියක

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකර ඉල්ලීම වෘත්තීය සමිති විසින් 2015 දී ආරම්භ කළ සටනකි. ප්‍රාදේශීය වතු සමාගම් (RPCs) ඉල්ලීමට එකඟ නොවූ නමුත් දේශපාලන පක්ෂ කිහිපයක් ඊට සහාය පළ කළ අතර, 2019 දී තරඟ කළ එක් පක්ෂයක් එය ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පවා ඇතුළත් කළේය.

2021 ජනවාරි මාසයේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 700 සිට 1000 දක්වා වැඩි කිරීමට රජය දැන් එකඟ වී ඇති නමුත් මෙම දෛනික වැටුප් වැඩිවීම වටා ඇති ගැටලු සහ ප්‍රතිවිපාක කිහිපයක් ඇත.

නව දෛනික වැටුපෙහි අංග දෙකකි: ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs)විසින් ලබාදෙන රු.900ක් සහ අයවැය දීමනාවෙන් රු.100ක් වශයෙනි. එය සාක්ෂාත් කර ගැනීමට වසර කිහිපයක් ගත වුවද, කම්කරුවන් සතුටට පත් වූ අතර එය ඉතා වැදගත් ජයග්‍රහණයක් ලෙස සැළකීය.

2021 ජනවාරි මාසයේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 700 සිට 1000 දක්වා වැඩි කිරීමට රජය දැන් එකඟ වී ඇති අතර, මෙම දෛනික වැටුප් වැඩිවීම වටා ඇති ගැටලු සහ ප්‍රතිවිපාක කිහිපයක් ඇත.

නව දෛනික වැටුප සංරචක දෙකකි. ප්‍රාදේශීය වතු සමාගම් (RPCs)විසින් සපයනු ලබන රු.900 සහ අයවැය දීමනාවෙන් ලබාදෙන රු.100. එය සාක්ෂාත් කර ගැනීමට වසර කිහිපයක් ගත වුවද, කම්කරුවන් සතුටට පත් වූ අතර එය සන්ධිස්ථානගත ජයග්‍රහණයක් ලෙස සැළකූහ.

නව වැටුපෙන් කම්කරුවන්ට උපරිම ප්‍රතිලාභයක් ලබා දීමට ප්‍රමාණවත් වැඩ කරන දින ලබා දීමට වතු කිහිපයක් බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවීමත් සමඟ මෙම පියවරට බාධා නොතිබුනා නොවේ.

නව වැටුප පඩි පාලක සභා රෙගුලාසි වලට අනුකූලව තීරණය වූ බැවින් වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ සම්මේලනයේ එකඟත්වයෙන් අත්සන් කර ඇති සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් (ක්‍්) බල රහිත වී ඇති බව වතු කළමනාකාරීත්වයේ බොහෝ නිලධාරීහු යළි යළිත් අවධාරණය කළේය. මෙම ස්ථාවරය පිළිබඳව වතු කළමණාකාරිත්වය සහ වෘත්තීය සමිති අතර පැවැත්වූ සාකච්ඡා වට කිහිපය විසදුමක් තොරව අවසන් විය.

මාර්තු මාසයේදී, දිනකට රුපියල් 1,000 ක් වන නව වැටුප් පරිමාණයට අනුව කම්කරුවන්ට ඔවුන්ගේ වැටුප ලැබුණු නමුත් මෙම සාධනීය බව කෙටි කාලීන විය. 2021 මැයි මාසයේදී, දින 27ක් සේවය කර තිබියදීත් ඔවුන්ට ලැබුනේ රුපියල් 10,250ක් පමණි. – මෙය මාර්තු මාසයේ ලැබූ මුළු වැටුප හා සසඳන විට 58%ක පමණ අඩුවීමක් වන අතර දෛනික රු.1,000ට පෙර වැටුප හා සසඳන විට 28%ක අඩුවීමකි.

මෙම පහත වැටීමට හේතුවූයේ හුදෙක් වර්තමාන වැටුප් ගණනය කරන ආකාරය වෙනස් වීම ය; කිලෝග්‍රෑමයකට රු.40 බැගින් තේ දළු කිලෝග්‍රෑම් 20 ක් රැගෙන එන සේවකයෙකු සඳහා මෙම රුපියල් 1000ක් ලබා දෙන අතර මෙය රජයේ නියමයන් නොසලකා හරිමින් වතු කළමනාකාරීත්වයේ අභිමතය පරිදි ගත් තීරණයක් බව පෙනේ. මීට අමතරව, වතු කම්කරුවන් තාවකාලික හෝ අනියම් සේවක කාණ්ඩයක් බවට පත්කරමින් සේවක අර්ථසාධක අරමුදලේ ව්‍යවස්ථාපිත අඩු කිරීම සහ වෘත්තීය සමිති දායක මුදල් ගෙවීම අහිමි කර ඇත.

වතු කළමනාකාරීත්වය වැටුප් වැඩි කිරීමේ දුෂ්කරතාවය ලෙස පහත හේතු දක්වයි.
● ඉහළ වැටුප් සහ ශ්‍රම පිරිවැය
● අඩු ඵලදායිතාව

ඉහළ වැටුප් සහ ශ්‍රම පිරිවැය

වතු කම්කරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වැටුප වන අතර, මුලදී මෙම වැටුප් තීරණය කරනු ලැබුවේ 1941 අංක 27 දරන පඩිපාලක මණ්ඩල ආඥාපනත පදනම් කරගෙනය. 1992 පෞද්ගලිකරණයෙන් පසුව 1994දී රුපියල් 83 සිට 2021 වන විට රුපියල් 1000ක් දක්වා දෛනික වැටුප වැඩි වූ අතර එය වසර 27ක් ඇතුළත 12 ගුණයකට වඩා මදක් වැඩිය.

කෙසේ වෙතත් එය මෙරට ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍රය අතර පවතින ආදායම් විෂමතා අවම කර තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. පාරිභෝගික මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණයේ සහ ගෘහ ආදායම් සහ වියදම් සමීක්ෂණයේ සංඛ්‍යාලේඛන වලට අනුව 2003/04 වර්ෂයේදී නාගරික අංශයේ මාසික ආදායම රුපියල් 17,368ක් වූ අතර ඊට සමගාමීව ග්‍රාමීය හා වතු අංශයේ ආදායම පිළිවලින් රුපියල් 10,060 ක් සහ රු. 4,899කි.

නාගරික අංශයේ මධ්‍ය ආදායම රුපියල් 22,297ක් වශයෙනුත් ග්‍රාමීය අංශයේ එය රුපියල් 15,508ලෙසත් 2016 වසරේදී වාර්තා විය. වතු අංශයේ මධ්‍ය ආදායම රු.8,666ක් ක් ලෙස වාර්තා වූ අතර එය ග්‍රාමීය අංශයේ ආදායමින් අඩකට ආසන්නය. මෙම සංඛ්‍යාවලින් පෙනී යන්නේ වතුකරයේ කම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේදී වතු කළමනාකාරීත්වය කාරුණික වී ඇතත්, කම්කරුවන්ගේ ආදායම ග්‍රාමීය අංශයේ ඔවුන්ගේ සගයන් හා සම මට්ටමක නොමැති බවයි.

2009 වැටුප් සාකච්ඡාවේදී කම්කරුවන් මසකට රුපියල් 10,000 ක් පමණ උපයන බැවින් වැටුප් තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රාදේශීය වැවිලි සමාගම් නැවත නැවතත් අවධාරණය කළ අතර වතු අංශයේ දරිද්‍රතා මට්ටම ජාතික සාමාන්‍ය මට්ටමට සමාන ලෙස පහත වැටී ඇති බවත් ප්‍රකාශ කළේය. සාකච්ඡාවන් තුළදී ප්‍රාදේශීය වැවිලි සමාගම් නිරන්තරයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කළ බව පෙන්නුම් කළ අතර ඉහළ වැටුප් ශ්‍රම පිරිවැය වැඩි කිරීමට හේතු වන බවත් අවසානයේ දී වතු පාඩු ලබන ව්‍යාපාර බවට පත් කරන බවට පත්කරන බව ප්‍රකාශ කළේය.

ප්‍රකට විද්‍යාර්ථයෙකු වන ආචාර්ය ජේ. රත්නසිරි මහතා ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs)වල ලාභාන්තිකය පිළිබඳව සැලකිය යුතු සාක්ෂි මෑතකදී ඉදිරිපත් කළේය. ඔහුට අනුව, ආරම්භයේදී තේ අපනයනකරුවන් 325 ක් පමණ සිටි අතර තේ අපනයනය කළේ නම් කරන ලද සමාගම් විසින් පමණක් වූ නමුත් පසුව කර්මාන්තශාලා මෙන්ම ප්‍රාදේශීය වැවිලි සමාගම් ද ඉහළ ලාභාන්තිකය සලකා තේ අපනයනයෙහි නිරත වී ඇත. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව තේ අපනයනකරුවන් 2019 වසරේදී රුපියල් බිලියන 80.65 ක දළ ලාභයක් උපයා ඇත.

තේ කම්කරුවන් පවසන්නේ අමු දළු කිලෝග්‍රෑම් 17 කින් තේ කිලෝග්‍රෑම් 4ක අස්වැන්නක් ලැබෙන බවත්, කිලෝග්‍රෑම් 1 ක වෙළඳපල මිළ රුපියල් 600 ක් පමණ වන බවත්ය. මේ අනුව, එක් කම්කරුවෙකු දිනකට (රු.4 x600)රුපියල් 2,400ක් පමණ දායක කරන අතර දිනකට ඔවුන් නිෂ්පාදනයෙන් 41% ක් පමණක් වන රුපියල් 1000ක් පමණක් ඉල්ලා සිටීම අසාධාරණ නොවන බව අවධාරනය කරයි.

වැටුප් වර්ධක හැරුණු විට, නිෂ්පාදන පිරිවැය (COP) සම්බන්ධයෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs)විසින් ඉදිරිපත් කරන තර්ක ඔප්පු කර නොමැත. ශ්‍රී ලංකාවේ තේ වල නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම සඳහා ස්වාධීන අධ්‍යයනයක් සොයා ගැනීම දුෂ්කර වී ඇති අතර, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) විසින් 2017 දී ප්‍රකාශයට පත් කරන ලද ‘ශ්‍රී ලංකා ජීවන වැටුප: වතු අංශය (තේ)’ පිළිබඳ විශ්ලේෂණයේ සඳහන් වන සංඛ්‍යාලේඛන අනුව 2014/15 කාලපරිච්ඡේදය තුළ තේ නිෂ්පාදන පිරිවැයෙන් ශ්‍රම පිරිවැය (සකසන ලද තේ කිලෝවකට) 63%ක් බව පෙන්වා දෙයි. ඉන්දියාව, කෙන්යාව, බංග්ලාදේශය සහ වියට්නාමය වැනි අනෙකුත් ප්‍රධාන තේ නිෂ්පාදනය කරන රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාවේ ශ්‍රම පිරිවැය ඉහළම අගයක් ගන්නා බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

වැවිලි භෝග පිළිබඳ සංඛ්‍යාලේඛන තොරතුරු වලට අනුව 2005 සිට 2015 දක්වා කාලය තුළ කිලෝග්‍රෑමයක තේ නිෂ්පාදන පිරිවැය අමු දළු, ප්‍රවාහනය, බලශක්තිය, කර්මාන්තශාලා ශ්‍රමය, ඇසුරුම් ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ නඩත්තුව යනාදිය හේතුවෙන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 2015 දී නිශ්පාදන පිරිවැයේ 3% පහත වැටීමකින් පසුව, 2018 දක්වාම එම අගය ක්‍රමයෙන් වැඩි විය. නිශ්පාදන පිරිවැය සම්බන්ධයෙන් පොදු විෂයපථය තුළ වලංගු තොරතුරු නොමැති බව මෙයින් පෙන්නුම් කරන අතර එමඟින් සමහර තර්ක වලංගු නොවන සහ විශ්වාස කළ නොහැකි බවට පත්කරයි.

අඩු ඵලදායිතාව

රටේ තේ කම්කරුවන්ගේ අකාර්යක්ෂමතාවය පෙන්වීමට ප්‍රාදේශීය වැවිලි සමාගම් (ඍඡක්‍) විසින් අනෙකුත් රටවල පවතින තේ ඵලදායිතා මට්ටම මට්ටම සමඟ නිතර සංසන්දනය කරයි. 2018 දී, ශ්‍රී ලංකාවේ තේ වල සාමාන්‍ය ඵලදායිතාව වසරකට/හෙක්ටයාර්/කිලෝග්‍රෑම් 1500ක් වූ අතර, එය ඉන්දියාවේ (වසරකට/හෙක්ටයාර්/කිලෝග්‍රෑම් 2227) සහ කෙන්යාවේ (වසරකට/හෙක්ටයාර්/කිලෝග්‍රෑම් 2104ක්) සැලකිය යුතු ලෙස ඉහළ අගයකි. කෙසේවෙතත්, මෙම රටවල්වල තිබෙන තේ පඳුරු ලංකාවේ තිබෙන තේ පඳුරුවලට සමානදැයි යන්න අප නොදන්නෙමු.

තේ පඳුරු නඩත්තු කිරීම, පාංශු තත්ත්වය, තේ නෙලීම සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රම, සේවකයින්ට ලබා දෙන පුහුණුව ආදිය ද ඵලදායිතාවයට බලපාන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ඉහළ-ඵලදායී ප්‍රභේදය සමඟ නැවත වගාකිරීම ශ්‍රම ඵලදායිතාවට බලපාන සාධකයක් ලෙස සැළකිය හැකි අතර වැවිලි භෝග පිළිබඳ සංඛ්‍යාලේඛන තොරතුරු වලට අනුව කලාපීය වැවිලි සමාගම් 2018 දී හෙක්ටයාර 197ක මුළු ප්‍රමාණය නැවත වගාකර ඇති අතර, එය ඔවුන්ගේ කොටසෙන් 0.2%ක් වන අතර එය රට තුළ සමස්ථ තේ භූමි ප්‍රමාණයෙන් 38.6%කි. ඉහළ-ඵලදායී ප්‍රභේදය ඇති ප්‍රමාණය සමස්තයක් ලෙස 54.8% වන අතර, ඉතිරි 45.2% ඵලදායිතා මට්ටම වසරකට හෙක්ටයාර් 900 ක් පමණ වන ‘බීජ තේ පඳුරු‘ ලෙස හඳුන්වන පැරණි තේ පඳුරු වලින් සමන්විත වේ. නැවත වගා කිරීමේදී දක්නට ලැබෙන මෙම මන්දගාමී ස්වරූපය, පැරණි තේ පඳුරු සමඟ සාධක කර, අඩු ඵලදායිතාවයට දායක කරයි

‘දළු නෙලීමේ සම්මතය‘ ලෙස හැඳින්වෙන දෛනික වැටුප සඳහා නෙළිය යුතු දළු ප්‍රමාණය බි්‍රතාන්‍යයන් විසින් තේ වතු පිහිටුවීමේදී නියම කර ඇත. එය තේ පඳුරු සහ කාලගුණය මත පදනම්ව වෙනස් වේ. දැනට එකඟ වී ඇති නෙලීමේ සම්මතය අනුව නෙළිය යුතු ප්‍රමාණය පැරණි තේ පඳුරුවලින් දිනකට අමු දළු කිලෝග්‍රෑම් 15-16 ක් වන අතර ඉහළ-ඵලදායී ප්‍රභේදයේ (HYV)තේ සඳහා කිලෝග්‍රෑම් 17-18 කි. දෛනික වැටුප් වැඩි වන සෑම අවස්ථාවකදීම එකඟ වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් නෙලන ලෙස කලාපීය වැවිලි සමාගම් (ඍඡක්‍) කම්කරුවන්ට නිරන්තරයෙන් බලපෑම් කළ අතර, රුපියල් 1000 දක්වා වැටුප් වැඩිවීමත් සමඟ වතු කළමනාකාරීත්වය කම්කරුවන්ට දිනකට කිලෝග්‍රෑම් 20 ක් නෙළීමට බලපෑම් කර ඇත. පැරණි හා දුර්වල ලෙස නඩත්තු කරන ලද තේ පඳුරුවලින් මෙය ලබා ගැනීමට කම්කරුවන් දුෂ්කරතාව පළ කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

”කොලුංතු මඩුවම්” (KM)හිදී සිදු කරන ලද කොළ බර කිරා බැලීම ද ගැටළු සහගත බව ඔප්පු වී ඇත. කම්කරුවන් ඔවුන්ගේ කොළ ගෙන ආ විට, බොහෝ දුරට නොසලක හැරිය හැකි ගෝනි බර වෙනුවෙන් සෑම කිරුම් වටයකදීම කිලෝග්‍රෑම් 2ක් පමණ අඩු කරන හෙයින් මුරයක් තුළ කිලෝග්‍රෑම් 3-4 ක් අඩුවීමට හේතු විය හැක.

උදෑසන, දවසේ දෙවන භාගය සහ සවස ලෙසින්. තේ දලු නෙලීම වාර තුනකින් සිදු කෙරෙන ඉහළ-ඵලදායී ප්‍රභේදය (HYV)ඇති වතුයායක සේවය කරන 42 හැවිරිදි කාන්තා සේවිකාවක් මෑතකාලීනව ඇය මුහුණදුන් කටුක අත්දැකීම විස්තර කරයි. දිනක් උදෑසන ඇය තේ දළු කිලෝග්‍රෑම් 10ක් නෙලාගොස් ‘කොලුන්තු මාදවන්’ වෙත බාරදුන් පසු, ‘ගෝනි බර‘ සඳහා කිලෝග්‍රෑම් 3 ක අඩු කළේය. තේ දළු කිලෝග්‍රෑම් 8 බැගින් යුත් දෙවැනි සහ තෙවැනි මළුවලින්ද කිලෝග්‍රෑම් 3 බැගින් අඩු කර ඇත. මින් අදහස් වන්නේ, ඇය එදින රැගෙන ආ මුළු බර කිලෝග්‍රෑම් 26ක් වුවත් ඔවුන් සළකා බලන ලද්දේ කිලෝග්‍රෑම් 17ක් පමණක් වූ හෙයින් අවසානයේ ඇයට ගෙවා ඇත්තේ රුපියල් 850.00 ක් පමණක් බවයි.

මෙම පොදු භාවිතාව කාන්තා වතු කම්කරුවන් තවදුරටත් මර්දනය කරන අතර කේවල් කිරීමේ ගිවිසුම් සහ විවිධ කම්කරු සම්මුතිවලින් සහතික කර ඇති ඔවුන්ගේ අයිතිවාසිකම් තවදුරටත් උල්ලංඝනය කරයි. ගෝලීය තරඟකාරිත්වය, ගුණාත්මකභාවය, තිරසාරභාවය සහ ආර්ථික අර්බුදය වැනි සාධක සැලකිල්ලට ගනිමින් තේ කර්මාන්තයේ ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් සඳහා ඇති දැඩි අවශ්‍යතාවය ද එයින් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, සියවස් ගණනාවක් මුළුල්ලේ කර්මාන්තයට සහ ජාතික ආර්ථිකයට දායක කළ ප්‍රජාවට හානියක් නොවන බව සහතික කරමින් මෙම වෙනස්කම් සිදුකළ යුතුය.

ඔබට ලේඛකයින් සම්බන්ධ කරගැනීමට: මහාචාර්ය ඒ. එස්. චන්ද්‍රබෝස්, විවෘත විශ්ව විද්‍යාලයල (asboseou@yahoo.com) සහ ආචාර් ආර්. රමේෂ් පේරාදෙනිය විශ්ව විද්‍යාලය, (ramnaresh45@yahoo.com)