අතන මෙතන

තේ දළු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් තේ වත්තේ අඩි 75 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

අද(01)දින පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ බගවන්තලාව වැවිලි සමාගමට අයත් චැපල්ටන් තේ වත්තේදිය.

වතු කම්කරුවන් අද(01) දින නෙළු තේ දළු බගවන්තලාව කොටියාගල තේ කර්මාන්ත ශාලාව දක්වා ප්‍රවාහනය කරමින් සිටියදි ලොරි රථයේ ඇති වු හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථයේ තිරිංග ක්‍රියාවිරහිත විමෙන් ලොරි රථය රියදුරාගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරලි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසිය.

ලොරි රථය පෙරලෙන අවස්තාවේ ලොරි රථයේ රියදුරා පමණක් ගමන් කර ඇති බවත්, ලොරි රථය පෙරලනෙවාත් සමග තේ ගස් කිහිපයක් ගැලවි ගොස් ලොරි රථය ප්‍රපාතයේ නතර වි ඇති බව පොලිසිය පැවසිය.

අනතුරෙන් ලොරි රථයට අලාභ හානි සිදු වි ඇත.

 

සිතාර ඉරාෂ්