brand logo

තුර්කියෙන් දුන් කෝටි 3කින් ලංකාවේ බිලි පූජාවක්

22 July 2021

මලවිවරයෙකු සූදානම් කළ බිලි පූජාවක් ගැන අනාවරණයක්

ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ගෙන තිබියදී හජ් උත්සවය වෙනුවෙන් මස් කිරීමට සූදානම් කර තිබූ ගවයන් 350ක් මඩකලපුව, නාවල්ලඩිහිදී යුද හමුදාව හා පොලිසිය එක්ව ඊයේ (21 වැනිදා) අලුයම මුදාගෙන ඇත. මෙම ගවයන් විවිධ ප්‍රදේශවලින් රැගෙනවිත් ගාල්කර ඊයේ (21) දින ආගමික ස්ථානවලදී ඝාතනය කිරීමට වූ සූදානමක් සැලවී යුද හමුදාව පොලිසිය රැගෙන ගොස් එය නවත්වා ඇතත් රාත්‍රිය වන විට ගවයන් මුදා හැරීමට සිදු වී ඇත. Cops rescue five bovines

කෙසේ වෙතත් අද (22දා) දිනයේ ඔට්ටමාවඩි ගව ඝාතකාගාරයකදී මෙම ගවයන් 350 දෙනාම බිලි පූජාවක් සේ එකවර ඝාතනය කර මස් නිවාස වෙත බෙදාහැරීමට මවුලවිවරයකු සූදානමින් සිටින බව අනාවරණය විය.

මේ සඳහා තුර්කියෙන් රුපියල් කෝටි තුනක ප්‍රතිපාදන සපයා ඇති බවත් හෙළිවී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..