brand logo
logo

තුර්කියට සහ ග්‍රීසියට සුනාමි තත්ත්වයක්

30 October 2020

රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් හේතුවෙන් තුර්කියට සහ ග්‍රිසියේ, සමොස් දුපතට සුනාමි තත්ත්වයක් ඇතිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනය හේතුවෙන් තුර්කියේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි 06ක් පමණ මුළු මනින්ම විනාශයට පත්ව ඇති බවයි. ජීවිතක්ෂයට පත්වූවන් පිළිබදව නිසි සංඛ්‍යා දත්තයක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. භූකම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ පහරින් දිවි බේරා ගැනීම සදහා තුර්කියේ ඉස්මීර් වෙරළ ආසන්න නගරයේ ජීවත් වන ජනතාව සුන්බුන් ගොඩනැගිලි මත නැගී බේරී තිබේ. https://youtu.be/zNnoqc3Cssk
 

More News..