ක්‍රීඩා

තුන්වැනි තැන ගන්න දිමුත් ඇන්ජි සටනට

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි ස්ථානය වෙනුවෙන් මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී ඇත.

තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.

මෙම තරගයේ කාසියේ වාසිය මහනුවර කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න විසින් දිනාගත් අතර, ඔහු පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙනු ඇති.

මෙම තරගය සජීවීව පහතින් නරඹන්න….

මෙම තරගය සජීවීව පහතින් නරඹන්න….