අතන මෙතන

තව පොඩ්ඩෙන් ආණ්ඩුව ඉවරයි

බ‍්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා පාර්ලිමේන්තු යන විට විශාල මැති ඇමතිවරු පිරිසක් අගමැති කාර්යාලය තුළ රැුස්ව සිටියහ. ”සාපරාධි කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගිතා පනතට ඡුන්දය දෙන්න සියලූ දෙනා උනන්දු විය යුතුයි කියල තියෙද්දී අපේ සමහරු ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ නොසිටීම ලොකු වැරැුද්දක්. ලක්ෂ්මන් සූක්ෂ්මව කල් ගත්තෙ නැත්නම් පනත පරාද වෙනවා. ආණ්ඩුව බේරා ගැනීම ගැන ස්තූතියි.” අගමැතිවරයා කිරිඇල්ලට ස්තූති කළේය.

දින 100 ආණ්ඩුවේදිත් මුදල් පනතක් පරාද වෙන්න යනකොට කිරිඇල්ල ඇමතිතුමා විපක්ෂයේ වාඩි වෙලා හිටපු දෙමළ මන්ත‍්‍රීලා 03 දෙනෙකුට අතින් සංඥා කරල නැගිට්ටවලා ආණ්ඩුවට ඡුන්දය අරන් එදත් ආණ්ඩුව බේරාගත්තා. පෙරේදා එතුමා යළිත් ආණ්ඩුව බේරාගත්තා” ඇමති සජිත් පේ‍්‍රමදාස කතා කළේද කිරිඇල්ලට ස්තූති කරමිනි.