News

තවත් 187කට කොරෝනා

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 187දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ.

මොවුන් 187දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව අද දිනය තුළ පමණක් මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 400ක් වේ.

මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර 9305ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 12,970 දක්වා ඉහළ ගොස් ඇත.