News

තවත් 169දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 169දෙනෙකු හදුනාගෙන තිබේ.

මෙලෙස වෛරසය ආසාදනය වූවන් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 16දෙනෙකු ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අනෙකුත් ආසාදිතයින් 151දෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හදුනාගත් ආසාදිතයින් ගණන 443කි.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 8709 දක්වා ඉහළ ගොස් තිබේ.