News

තවත් කොවිඩ් ආසාදිතයින් 677ක් – මරණ 16ක්

කොවිඩ් මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි 

මෙරට තවත් පුද්ගලයින් 677 දෙනෙකුට COVID-19 ආසාදිත බවට වාර්තා වනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 594,996 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 11,935ක් වන අතර, අද (14) දින සුවය ලැබූ ආසාදිතයින් 171 දෙනෙකු රෝහල්වලින් පිට ව ගියා.

ඒ අනුව මෙරටින් සුවය ලැබූ මුළු සංඛ්‍යාව 567,871ක්.

මේ අතර අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 16ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 15,174ක්.