brand logo

තවත් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනාගැනේ

19 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 40දෙනෙකු හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් දිවුලපිටිය කොවිඩ් පොකුරේ 19දෙනෙකු වන බවයි. ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ද වේ. අනෙක් පුද්ගලයින් 21දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා (18.55) වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 87කි. දිවුලපිටිය කොවිඩ් පොකුරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2162ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.
 

More News..