තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමයි
මතුගම අගලවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට එම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ එහි සේවකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.
හොරණ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් එහි අනු ආයතනයක් වන අගලවත්ත කර්මාන්ත ශාලා දෙකක සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ.
ඒ අනුව 50දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන මෙම පරීක්ෂාව සිදුකර ඇත.
එමගින් ලැබුනු ප්‍රතිඵල වලට අනුව සේවකයන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.