brand logo
logo

තවත් ඇගළුම්හලක් සහ වෙළඳසැල් 6ක් වසාදමයි

04 December 2020

අලුත්ගම දර්ගානගරයේ ඇගළුම්හලක් සහ වෙළඳසැල් 6ක් වසා දමා ඇත. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසුවේ දර්ගානගරය ප්‍රදේශයේ පසුගිය 1 වැනිදා සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනා ආසාදිතයින් 14ක් වාර්තා වීමත් සමග මෙම තීරණය ගත් බවයි. මෙලෙස හමුවූ ආසාදිතයින් අතර දර්ගානගරයේ ඇඟලුම් හලක සේවය කරන කාන්තාවන් තිදෙනෙකු ද සිටින අතර, සෙසු අය දර්ගානගරයේ පදිංචි පිරිමි පුද්ගලයින් වේ. ඒ අනුව එම ඇඟලුම් හලේ සෙසු සේවක සේවිකාවන් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම දර්ගානගරයේ කොවිඩ් ආසාදිතයෙකු ගිය බව පැවසෙන වෙළඳසැල් 6 ක් වසා දමා තිබේ. එහි සේවකයින් ද නිරෝධායනයට යොමු කර ඇත. මෙලෙස අද දිනයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් පිරිසත් සමග බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 112ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..