තරුණිය මරා දැමූ හේතුව SI එල්ලෙන්න කලින් බිරියට ලියලා
03 March 2021
තරුණිය මරා දැමූ හේතුව SI එල්ලෙන්න කලින් බිරියට ලියලා
03 March 2021
අංකල් අංකල් කිය කියා ඇවිත් අන්තිමේ මට වදයක් වුණා
මන්ත්‍රී හේෂා ලග වැඩකරන කාලේ අනියම් පෙමට පාර කැපිලා
වේට්ස් කරලා හදපු ඇග නිසා පොලිසිය සැකකරු සොයාගනී
ඝාතනය කර හිස කඳින් වෙන් කර සිරුර ගමන්මල්ලක දමාගෙන විත් කොළඹ, වේල්ල වීදියේ දමා ගොස් තිබුණු ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (31) නමැති තරුණියගේ සොයුරා වන කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජතික පක්ෂ මන්ත්‍රී ප්‍රභාත් ජයසූරිය විසින් අද(3)මළසිරුර හඳුනා ගත්තා. ඒ කොළඹ පොලිස් මෘතශරීරාගරයේදී. තරුණියගේ කකුලේ පාදවල නියපොතු අග ඇති වී තිබුණු ආසාදිත තත්ත්වයක්(නියවිරිත්තා කෑම)හා උදරය ආශ්‍රිතව සිදුකර තිබුණු ශල්‍යකර්මයක කැලැල් ආශ්‍රයෙන් මිය ගොස් සිටින්නේ තම නැගනිය බව ඔහු පිළි ගත්තත් හිස නැති මළ සිරුරක අනන්‍යතාව විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා ඩී එන් එන් පරීක්ෂාවක් සිදු කරන බව පොලිසිය පැවසුවා. ඒ අනුව තරුණියගේ සොයුරාගේ රුධිර සාම්පල හා මවගේ රුධිර සාම්පල රස පරීක්ෂක වෙත යොමු කරන අතර පරීක්ෂණ වාර්ථා ලැබුණු පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන බවද පොලිසිය වැඩිදුරටත් පැවැසුවා. තරුණියගේ සොයුරා කී කතාව පහත වීඩියෝවෙන් බලන්න. https://youtu.be/becn0umQJnM කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියක වන දිලිණිගේ මළ සිරුර කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) හමු වූ අතර මෙම ඝතනය සම්බන්ධයෙන් සැකය එල්ල වූයේ බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන බඩල්කුඹුර, වෙහෙරගොඩ පදිංචි කරුවකු වන අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (53) නමැති උප පොලිස් පරීක්ෂකවරයා කෙරෙහිය. සැකකරු අත්අඩංගුවට ගැනීමට ඊයේ(2) පොලිසිය බඩල්කුඹුර, වෙහෙරගොඩ නිවසට ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන සැගව පසුව සියදිවි නසාගෙන තිබෙනවා. සියදිවි නසා ගත් සැකකාර පොලිස් නිලධාරියා විවාහකයකු වන අතර දරුවන් තිදෙනකුගේ පියෙකි. සැකකරු කැලෑවට පනින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද ලියා තබා ගොස් ඇති අතර . ‘‘මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා’’ යැයි සඳහන් කර ඇති අතර තමන් දියණියක් සේ සැලකූ තරුණිය එස් අයි අංකල් එස් අයි අංකල් කියමින් පැමිණ පසුව තමන්ගේ ආදරය පැතූ අයුරුත් පසුව ඇය හා පෙමින් වෙලුනු බවත් පසුව ඇය කරදරයක් වූ අයුරුත් සඳහන් කර තිබෙනවා. අදාල ලිපිය පහතින් බලන්න


සැකකරු සොයා ගත් ආකාරය
සැකකරු අදාල බෑගය වේල්ලවීදියේ දමා යන දසුන් සී සී ටී වී කැමරා මගින් විමර්ශනය කළ පොලිසිය ප්‍ර දේශයේ තිබුණු අනෙකුත් සීසීටිවී ද විමර්ශනය කර ඇත. එහිදී ඔහු හංවැල්ලේ සිට පැමිණි බස් රථයකින් බෑගයද රැගෙන බැස එන අයුරු නිරීක්ෂණය වී ඇත. පසුව බස් රථය අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයේදී සැකකරු පසුගිය පළමු වැනිදා 11.45 ට හංවැල්ලෙන් බස්රථයට ගොඩ වී ඇති බව අනාවරණය වී ඇත. පසුව පොලිසිය සැකකරු බස්රථයට ගොඩ වූ ස්ථානයට ගොස් කළ පරීක්ෂාවේදී එහි තිබූ සීසීටීවී යන්ත්‍රයක ඔහු අදාල බෑගය රැගෙන විත් ත්‍රී රෝද රියකට ගොඩ වන අයුරු සටහන් වී තිබී ඇත. අදාල ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයෙදී සැකකරු නවාතැන් ගෙන සිටි ලැගුම් හල අසලින් ත්‍රිරෝද රියට ගොඩ වී ඇති බව තහවුරු වී ඇති අතර පසුව ලැගුම් හලේ අතුළත් කර ගැනීමේ ලේකනය පරීක්ෂා කිරීමේදී මෙම යුවළ එහි ලැගුම් ගෙන ඇති බව තහවුරු කරගෙන ඇත. ඔහුගේ අසාමාන්‍ය කය ඔහු හදුනා ගැනීමට පහසුවක් වූ බව විමර්ශනය කරන පොලිස් නිලධාරියෙක් අප හා පැවසීය. තරුණියගේ කදින් වෙන් කළ හිස තවමත් සොයාගෙන නැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.





