අතන මෙතන

තරුණයෙක් පල්ලියක් ඇතුලේ ගිනි තබා ගෙන මිය යයි

පුත්තලම ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයකු ඊයේ (20) දහවල් සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.

නෞෂාඞ් මන්හාඞ් නමැති 26 හැවිරිදි තරුණයෙක් වන ඔහු පුත්තලම රත්මල්යාය ප‍්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් තුළට ගොස් සිරුරට ගිනි තබාගෙන මෙලෙස සියදිවි හානි කරගෙන තිබේ.

ඔහු දේවස්ථානය තුළදීම මරණයට පත්ව ඇති අතර ගිනි තබා ගැනීමෙන් ඔහුගේ සිරුර හදුනාගත නොහැකි තරමට දරුණු ලෙස පිළිස්සීමට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම තරුණයා මෙසේ දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මියගිය තරුණයාගේ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (21) සිදු කිරීමට නියමිතව ඇති අතර පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරයි.