තමන් ලොකප් වුනොත් රට ලොක්ඩවුන් කරන්න ඕන නෑ
17 August 2021
තමන් ලොකප් වුනොත් රට ලොක්ඩවුන් කරන්න ඕන නෑ
17 August 2021
කොරෝනාවට බය වීම නොව පරිස්සම් වීමයි වැදගත්
කොවිඩ් ආසාදිතයන් නිසා රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඇතැම් රෝහල්වල වෙනත් රෝගීන් සඳහා වෙන්කර තිබෙන වාට්ටු පවා කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කිරීමට මේ වෙද්දි කටයුතු කර තියෙනව.මෙවැනි පසුබිමක රෝහල්වල අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමත් අභියෝගයක්. මේ වන විට පැනනැගී ඇති මෙම තත්ත්වයන් කළමනාකරණය වෙනුවෙන් මොන වගේ ක්‍රමවේදයක් ද අනුගමනය කරන්නේ....? පසුගිය සතියේ පමණ සිට රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙනවා. තුන්දහස් දෙසීයක් තුන්දහස් හාරසීයක් අතර ප්‍රමාණයක් රෝගීන් වාර්තා වනවා. මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර කරලා පූර්ණ සුවය ලබා බැහැරවෙන්නේ දිනකට දෙදහස් පන්සියක පමණ ප්‍රමාණයක්. මේ තත්ත්වය මත දාහක පමණ වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් පද්ධතිය තුළ රඳවා ගන්න සිද්ධ වෙනවා. කොවිඩ් ආසාදිතයන් සඳහා වන ඇඳන් ධාරිතාව තිස්හතර දහස් හයසිය හැත්තෑ දෙකක්. ඒ මධ්‍යස්ථාන දෙසිය තිස්හතක. මේ වෙද්දී ඇඳන් තිස්තුන්දහසක්ම පිරිලා තමයි තියෙන්නේ.
සංකූලතා නැති ආසාදියන් නිවසේ ප්‍රතිකාර ක්‍රමයට මේ වෙද්දි යොමුවී තියෙනව. නමුත් එතැනදි අවශ්‍ය වෛද්‍ය සේවා, උපදෙස් නිසි පරිදි ලැබෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා.
මේක අලුතෙන් පටන් ගත්ත වැඩපිළිවෙළක්. වෛද්‍ය සේවා අංශයෙන්. එහි අධීක්ෂණයෙන් තමයි ඔය කාරණාව සිදුවෙන්නේ. මේ වෙද්දී ආසාදිතයන් වාර්තාවීමත් එක්ක මෙවැනි චෝදනා එන්න ඉඩ තියෙනවා.


සියයට දහතුනක විතර ප්‍රමාණයක් දැඩි සත්කාරවලට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. අපි බලනවා කොහොමද මේක සපුරාගන්නේ කියලා. ඒ ගණනය කිරීම් කරලා තමයි ඔක්සිජන් ගෙන්නන්නේ. මේක අපේ රටෙන් සපුරාගත හැකි අවශ්‍යතාවක් නම්, අපිට කළමනාණකරය කරන්න පහසුයි. අපේ රටේ නැති දෙයක් නිසා පූර්ව සූදානමක් විදිහට ඔක්සිජන් ගෙන්නන්න වෙනවා. නැත්නම් මුළු රටක් අමාරුවේ වැටෙනවා. ඒකයි මේ විදිහට ඔක්සිජන් ගෙන්වන්න සැලසුම් කරලා තියෙන්නේ.

ෆයිසර් තමයි ලෝකෙ හොඳම එන්නත. ඒක ලංකාවට එනකන් ඉමු කියලා පිරිසක් බලාගෙන හිටියා. නමුත් කවුරුත් හිතුවේ නැහැ එතකන් ජීවත් වෙයිද කියලා. අවිනිශ්චිත කාරණාවක් පිළිබඳව මිනිස්සු බලාගෙන හිටියා. මේක මරණ වැඩිවෙන්න හේතුවක්. සමහර ජන කොට්ඨාසවල හැසිරීම් වෙනස්. ඇතැම් අයගේ ඒකරාශීවීම් වැඩියි. මේකත් මරණවලට හේතුවක්. මේ වෙද්දි රජයේ රෝහල් මෘතශරීරාගාරවල මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවට පැවැසෙනව. ඇතැම් විට මෘත ශරීර මාරුවුණු අවස්ථාවනුත් තියෙනව.... මෘත ශරීරාගාරවල ප්‍රධාන වශයෙන් මෘතශරීර ගොඩ ගැසීමට ප්‍රධාන හේතුවක් වන්නේ, නීතිමය පියවර ගැනීමට ඇති මෘත ශරීර එකතු වීම. ඒවා භූමිදානය කිරීමට හැකිවන්නේ අධිකරණ නියෝගයක් දුන්නොත් පමණයි. අනෙක් හේතුව තමයි හඳුනානොගත් මළසිරුරු ගොඩගැසීම. ඒවා හඳුනාගන්න කාල සීමාවක් යනවා. පසුගිය ජන ජීවිතය ගෙවුණේ සාමාන්‍ය විදිහට නොවන නිසා ඇතැම් මළ සිරුරු හඳුනාගත්තද ඒවා භාරගැනීමට පුද්ගලයන් හිටියේ නැහැ. විශේෂයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයකු මියගියහොත් ඔහුගේ දේහය භාරගන්න කෙනෙක් නැහැ. නිවසේ අනෙක් සාමාජිකයන් දිනදාහතරක් නිරෝධායනයේ වන නිසා මේකත් එක හේතුවක් මෘත ශරීරාගාරවල මෘතදේහ, ඒකරාශි වෙන්න.මේ රෝගය ආගමකට, ජාතියකට, විශේෂිත සමාජයකට ලඝු කරන්න බැහැ. හැම ජන කොට්ඨාසයකම ඉන්නවා එන්නත ලබා නොගත් පිරිස. ඒ අයට විවිධ ඇදහිලි මතවාද තියෙනවා. තවත් සමහර කොටසක් බලාගෙන හිටියා හොඳම එන්නත් මොකක්ද කියලා.

මාධ්‍ය සතුවත් වගකීමක් තිවෙනවා. එහිදී ප්‍රධානම කාරණාව වෙන්නේ රටේ ජනතාවට අවශ්‍ය ඇත්ත හරියාකාරව ලබාදිය යුතුයි. සෞඛ්‍ය පණිවුඩ ටික හරියට ජනගත කළ යුතුයි. රෝගීන් දැනුවත් විය යුතුයි. තමන්ට අවශ්‍යතාවයකදී මොකක්ද කළ යුත්තේ මේ මේ රෝග ලක්ෂණ තිබ්බොත් මොකක්ද කළ යුත්තේ කියන එක.ඔක්කොම කතා කරන්නේ ලොක් ඩවුන් එකක් ගැනනේ. රට වහන එක ගැනනේ. නමුත් හැමදෙනාම පුද්ගල සීමාවක් පනවා ගන්න ඕන. හැමදෙනාම තමන් තමන්ව ලොකප් කරගන්න ඕන. තමන් ලොකප් කරගත්තොත් රට ලොක්ඩවුන් කරගන්න ඕන නැහැ.
ඒක නිසා මිනිස්සු බයවෙන්න නෙමෙයි පරිස්සම් වෙන්න ඕන. මිනිස්සුට තමන් තමන්ව පරිස්සම් කරගත යුතුයි කියන කාරණාව හොඳට ධාරණය කරගත යුතුයි. පවුලක් ගත්තම අම්මා තාත්තා ළමයි ආදරෙන් ඉන්නවනේ. නමුත් ආදරේ කියලා එළියේ ගිහින් ඇවිත් ගෙදර ඉන්න අය සිපවැලඳ ගැනීම් නෙමෙයි කරන්න ඕන. මේකෙදී තේරුම් ගන්න ඕන වයිරසයට වයස් භේද, සුදු කළු භේද, ආගම් ජාති කුල භේද නැහැ කියන එක. නවතින්නෙත් නැහැ. හැම වෙලේම මිනිස්සු හිතන්න ඕන ඔබ රකින්නේ ඔබම විතරක් නොවෙයි. මේ ඔබ රකින්නේ සමස්ත රටක් කියන එක. මේ සියලු දේ එකතු කරගත්තොත් විතරයි අපිට මේක ජය ගන්න පුළුවන් වෙන්නේ. [caption id="" align="alignnone" width="278"]ප්‍රධාන රෝහල් පිරෙන්න එක හේතුවක් තමයි කොවිඩ් ආසාදිත වෙන හැම කෙනෙකුම රෝහල්ගත වීමට උනන්දු වීම. කාලයක් තිබුණා මේ ආසාදිතයන් රෝහල්ගත වීමට අකමැති වෙලා හැංගෙනා කාලයකුත්. දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. මිනිස්සු තමන්ගේ ජීවිතයට ආදරයක් ඇතිකරගෙන තියෙන්නේ. බයවෙලා ඉන්නේ. බය වෙන්න නෙමෙයි ඕන. ඒක හරියට විභාගයකට පාඩම් කරන්නේ නැතුව, විභාගෙට මුහුණ දෙන්න බය වෙලා ඉන්නවා වගේ වැඩක්.
