තමන්ගෙන් වරදක් වුණු බව කාදිනල් හිමි මට කිව්වා
30 June 2020
තමන්ගෙන් වරදක් වුණු බව කාදිනල් හිමි මට කිව්වා
30 June 2020
තමන් වහන්සේගෙන් වරදක් සිදුවූ බවත්, ඇතැම් ප්‍රකාශ තුළින් මැතිවරණයට බලපෑමක් වුණ බවත් කාදිනල් හිමියන් තමා සමග පැවැසූ බව හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු පැවැසීය.
ඔහු මේ බව පැවසුවේ නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ පෙරේදා (28 වැනිදා) ජන හමුවක් අමතමිනි. ඔහු මෙසේද පැවැසීය.
‘‘මම බය නැතිව කියනවා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මේ ආණ්ඩුවේ සැලසුමක්. මේ ආණ්ඩුව මොන තරම් තිරිසන්ද කියලයි මම කියන්නේ. තමන්ට බලය ගන්න මිනිසුන්ගේ මළ මිනී පෙන්නන තිරිසන් ටිකක්.
කරුණා අම්මාන් 3000 ක් මැරුවා කිව්වා. එක රූපවාහිනී නාළිකාවක් මේක දැම්මද? එක මිනිහෙක් පාරට බැහැල බෝඩ් එකක් ඇල්ලුවද? සුනිල් කියලා ත්‍රිරෝද සංගමයේ සභාපති ගිය පාර සජිත් මහත්තයට වැඩ කළේ. මිනිහට ෂොට් එක දුන්නා. ලීසිං කොම්පැනිවලට කිව්වනේ මාස හයක් ලීසිං ගන්න එපා කියලා. ඉතින් මෙයා ත්‍රී වීල් කඩේට කිව්වා ලීසිං වාරික ගන්න එපා කියලා ජනාධිපති කිව්වයි කියලා. ගත්තොත් අපි යනවා උද්ඝෝෂණයකට කියලා. එතුමාට ගහලා මැරුවා. මේ සිද්ධියට එක ත්‍රීවීල් එකක් දැම්මද කළු කොඩියක්. ත්‍රීවීල් සංගම් එළියට ඇවිල්ලා වර්ජනයක් කළාද? මේ වගේ තිරිසන්නු එක්ක කරන්න බයයි.
සජිත් ප්‍රේමදාස මහතා මාව කාදිනල්තුමා ළඟට ගෙනිච්චා. මාව ගෙනිච්චේ පක්ෂ නායකයෙක් හැටියට නොවෙයි. අපි ඒකට ආඩම්බර වෙන්න ඕනෑ. මට ඉන්නේ සහෝදරියක් විතරයි. සහෝදරයෙක් නෑ. සජිත් මගේ අයියා කෙනෙක් වගේ. ඒ කතා කරපු විදිහ දැක්කහම ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා. ඒ මනුස්සයාගේ තියෙනවා හරි අවංක නිහතමානීකමක්. උද්දච්චකමක් නෑ. අයියා කෙනෙක් මල්ලි කෙනෙකුට බණිනවා වගේ මාව පැත්තකට අරන් ගිහිල්ලා උඹ දැන් මේක කරපංමයි කියලා කිව්වා. මට ඒකට බැහැ කියන්නත් බෑ.
මගේ ආගමික නායකයා මට එයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කියලා දීපු කතන්දරවලින් මට මගේ අඩුපාඩුව තේරෙනවා. අපි පෘථග්ජන මිනිස්සු. අපි අතින් වැරදි සිදුවෙනවා. මගේ අතිනුත් අඩුපාඩුවක් වුණා. කාදිනල් උන්නාන්සේ මට කිව්වා මගේ අතිනුත් වරදක් වුණා කියලා. අන්න ඒකයි උතුම්කම. උන්වහන්සේ කිව්වා මගේ සමහර ප්‍රකාශ මේ මැතිවරණයට බලපෑවා. ඒකෙන් එක් අපේක්ෂකයෙකුට වාසි වුණා. තවත් අපේක්ෂකයෙකුට අවාසි වුණා. මම දැනන් හිටියේ නෑ ඔයා මෙච්චර දුක්වෙලා තියෙනවා මේ ප්‍රශ්නයට, ඔයාගේ පවුලට මෙච්චර ප්‍රශ්න වුණා කියලා.එතනින් පස්සේ මට ඕක ඇදගෙන යන්න ඕනෑ නෑ.
ඒ ගැන කතා කරන්න අවස්ථාව හම්බ වුණා. මම ඒ වගේ කුහක මිනිහෙක් නොවෙයි. අපේ පක්ෂයත් එහෙම නෑ. අපි සමගි වෙන්න ඕනෑ තැන සමගි වෙනවා . සටන් කරන්න ඕනෑ තැන සටන් කරනවා. ඇත්ත කියන්න ඕනෑ තැන ඇත්ත කියනවා.’’
මනෝජ් එදිරිසිංහ