අතන මෙතන

තණමල්විල වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සමාධිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට ලද තොරතුරක් අනුව අද(10) උදෑසන මෙම මල සිරුර සොයාගෙන ඇති අතර ඊයේ රාත්‍රි මෙම වෙඩි තැබීම සිදු වන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කුමාරගම,සූරිය ආර,තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු තිහක් වන පුද්ගලයකු බව තණමල්විල පොලිසිය පැවසීය.

සමාධිගම ප්‍රදේශයේ පාලු ඉඩමක මෙම සිදු වීම සිදු වී ඇති අතර මියගිය පුද්ගලයාගේ හිසට වෙඩි තබා ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරුවකු මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද 10) සිදු කිරීමට නියමිතයි.

ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

ජයන්ත වීරසේකර – වැල්ලවාය