අතන මෙතන

තණමල්විලෙන් ගංජා කිලෝග්‍රෑම් 10ක්

තණමල්විල කොස්ලන්ද ප්‍රදේශයේදී ගංජා ජාවාරමේ නියැලුණු පුද්ගලයෙකු වියලි ගංජා කිලෝග්රෑම් 10ක් සමග අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට උහුපිටගොඩ පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරීහු සමත්වූහ.

අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව නිලධාරීහු තණමල්විල කොස්ලන්ද අබන්වෙල ප්‍රදේශයේදී කල හදිසි මෙහෙයුමකදී කැලෑ බද ප්‍රදේශයක විකිණීම සදහා සූදානම් කර සඟවා තිබු වියලි ගංජා කිලෝ 10 ක් සමග සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල කොස්ලන්ද ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස ගංජා ජාවාරම සිදුකර ඇති බව නිලධාරීහු පවසති.අත්අඩංගුවට ගත් සැකකරු හා අලෙවිය සදහා සූදානම් කර තිබු වියලි ගංජා තොගය අධිකරණ කටයුතු සදහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

 

අජිත් පුෂ්පකුමාර