අතන මෙතන

ඩෙංගු උණ වැළදීමෙන් පොලිස් නිළධාරියෙකු ජිවිතක්ෂයට

ඩෙංගු උණ වැළදීම හේතුවෙන් පොලිස් නිළධාරියෙකු ඊයේ(12) ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල් ආරංචි මාර් ග පැවසූවේ මන්නාරම මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ බි.එස්.පියරත්න නමැති 45 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මැදවච්චිය ප්‍ර දේශයේ පදිංචි තිදරු පියෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති අතර, උණ රෝගය වැළදීම හේතුවෙන් පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු රෝහල් ගත කොට ඇති බවද රෝහල් ආරංචි මාර් ග පැවසූහ.

මන්නාරම නගරය ආශ්‍රිත ප්‍ර දේශයේ පසුගිය සමයේ ඩෙංගු මදුරු උවදුර වැඩිවීමේ තත්වයක් පැවති බව ප්‍ර දේශවාසීන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

වවුනියාව – මාධව කුලසූරිය