News

ඩෙංගු අවදානම යළි හිස ඔසවන ලකුණු

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05 ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අනාවරණය කරයි.

කොළඹ , ගම්පහ, කළුතර , රත්නපුර, හා ගාල්ල දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඇය සදහන් කළේය.

ගතවූ මාස 6ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 19000 කට අධික පිරිසක් වාර්තා වී ඇත.