ඩිල්ෂාන්ව අභිබවා යන්න තවත් ඉන්දීය පිතිකරුවෙක් සූදානම්
ජාත්‍යන්තර එක්දින තරඟවල වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ටී.එම්. ඩිල්ෂාන් සිටින 12 වැනි ස්ථානය නැවත අභිබවා යෑමට ඉන්දීය පිතිකරුවෙකු සූදානම් වනවා.
ඒ මහේන්ද්‍ර සිං දෝනියි.
ටී.එම්. ඩිල්ෂාන් ජාත්‍යන්තර එක්දින තරඟ 330කට සහභාගි වෙමින් ඉනිම 303ක් තුළ ලකුණු 10290ක් ලබාගෙන ඊයේ (15) දිනය වන තෙක් 11 වැනි ස්ථානයේ සිටි අතර, විරාත් කෝලි විසින් එම ලකුණු සංඛ්‍යාව අභිබවා යමින් 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.
විරාත් කෝලි තරඟ 218කදී ලකුණු 10339ක් රැස්කර ගෙන තිබෙනවා.
ඒ අනුව ඩිල්ෂාන් මේ වන විට 12 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
ඩිල්ෂාන්ට පසුව සිටින ඉන්දීය කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 10279ක් ලබාගෙන 13 වැනි ස්ථානයේ පසුවනවා.
ඒ අනුව ඩිල්ෂාන්ව අභිබවා යෑමට දෝනිට අවශ්‍යව තිබෙන්නේ තවත් ලකුණු 12ක් පමණයි.
ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවසන පරිදි ලබන 18 වැනිදා මෙල්බර්න් හිදී ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරඟයේදී දෝනි විසින් ඩිල්ෂාන්ව අභිබවා යනු ඇති බවයි.