අතන මෙතන

ඩලස්ට පොහොට්ටු ඕනෑ වුණේ අන්තිම මොහොතේ

මහබැංකුව බිඳීමේ තරගය ඇතුළු තරග රැසක් සමඟ කාල්ටන් නිවසේ අමුතු අවුරුදු උත්සවයක්පු රවැසිකම ඉවත්කරගැනීම ඇතුළු වැඩ කිහිපයකට ඇමෙරිකාව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ, ඉකුත් අප්‍රේල් 12 වැනිදා ය.

ඔහු ඇමෙරිකාවේ ගත කළ දින කිහිපය තුළ ඔහුට විරුද්ධව එරට දිස්ත්‍රික් අධිකරණ දෙකකට නඩු දෙකක් ඉදිරිපත් වූ අතර ඉන් එකක් පවරා තිබුණේ, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසිනි. අනෙක් නඩුව පවරා තිබුණේ, දෙමළ ඩයස්පෝරා සාමාජිකයෙකි.

මේ නඩු දෙක නිසා හෝ වෙනයම් කාරණාවක් නිසා හෝ යළි ‍මෙරටට පැමිණීමට කලින් යෙදාගත් දිනය වෙනස් නොකළ ගෝඨාභය 12 වැනිදා යළිත් සිය රට බලා පැමිණියේ ය. එදින ඩලස්, නාමල්, පියංකර, ප්‍රසන්න, රමේෂ් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සහ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ද ඔහු පිළිගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියහ. මේ අතර ආණ්ඩුව ද ‘ගෝඨාභය පිළිගැනීමේ උත්සවයට‘ අකුල්හෙළන්නට සූදානමින් සිටියේ ය. උත්සවය දා උදෑසන ඊට සහභාගි වීම සඳහා ගුවන්තොටුපළ පරිශ්‍රයට ගිය කිසිවෙකුටත් ඊට ඇතුළුවීමට අවසර නොදුන්නේ ද ඒ නිසා ය.

කෙසේවෙතත් මෙම පිළිගැනීමේ උත්සවයේ ප්‍රධාන සංවිධායකයා වූ ප්‍රසන්න රණතුංගට දුරකථන ඇමතුමක් දුන්නේ, ඒ වන විටත් ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ය.

‘‘මල්ලි කොහෙද ඉන්නේ? මෙතැන අවුල් ගොඩක්…’’
‘‘මං මේ ළඟ ඉන්නේ’’ යි කී ප්‍රසන්න දුරකථනය විසන්ධි කර වහාම ගුවන්තොටුපළට පැමිණියේ, ගුවන්තොටුපළේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් කිහිප දෙනෙකුටම දුරකථන ඇමතුම් දෙමින් උත්සවයේ කටයුතු සාර්ථකව කරගෙන යමට තිබෙන බාධක ඉවත් කර දෙන ලෙසට ඉල්ලමිනි. කෙසේවෙතත් ප්‍රසන්නගේ ඉල්ලීම් ඉවත නොදැමූ ගුවන්තොටුපළ සේවක මණ්ඩලයේ පිරිස් උත්සවයට අවශ්‍ය පහසුකම් සපයන්නට ඉදිරිපත් වෙමින් සිටියහ. ඒ අනුව මන්ත්‍රීවරුන්ට සහ ආධාරකරුවන්ට බාධාවකින් තොරව ගුවන්තොටුපළ ඇතුළට පිවිසීමටත්, උත්සවයේ ආගමික කටයුතු සිදුකිරීමට වැඩම කර සිටි මහා සංඝරත්නයට බාධාවකින් තොරව ආගමික කටයුතු සිදු කිරීමටත් අවස්ථාව සැලසිණි.

‘‘ගෝඨාභය පිළිගන්න නෙළුම් පොහොට්ටු ටිකක් තිබුණනම් හොඳයි ප්‍රසන්න…’’ ඩලස් පැවසුවේ, ගෝඨාභයගේ පැමිණීම සිදුවන්නට පැය භාගයකටත් වඩා අඩු කාලයක් තිබියදී ය.

‘‘හරි අපි හොයාගමු…’’ යි කී ප්‍රසන්න වහාම සිය ආධාරකරුවන් දෙදෙනෙකු ‘ගලේ දේවාලය’ට පිටත් කර හැරියේ මෝටර් සයිකලයකිනි. ඔවුන්ට ගෝඨාභය පැමිණෙන්නට මොහොතෙකට කලින් නෙළුම් පොහොට්ටු රැගෙන ගුවන්තොටුපළට පැමිණීමට හැකිවූ අතර ඉන් අනතුරුව ප්‍රශ්නයක් වූයේ ගෝඨාභයට ගුවන්තොටුපළින් පිටතට පැමිණීම සඳහා ‘සුදුසු දොරක් ඇරගැනීම’ ය. ගුවන්තොටුපළ පාලන අධිකාරිය පැවසුවේ ගෝඨාභයට වී.අයි.පී. (Very important person) දොරටුවෙන් පිටතට ඒමට අවසර දිය නොහැකි බව ය. ඒ සම්බන්ධයෙන් ද ගුවන්තොටුපළ පාලන අධිකාරිය සමග කතා බස් කළ ප්‍රසන්නට වී.අයි.පී. දොරටුව වෙනුවට සී. අයි.පී. (Commercial important person) දොරටුව ඇර ගැනීමට හැකි විය.

ප්‍රසන්න ගුවන්තොටුපළ බලධාරීන් මෙන් ම එහි වැඩ කරන සේවකයින් ද සමග පවත්වාගෙන යන හිතවත්කම් සහ සම්බන්ධකම් අනුව වැඩේ හොඳින් ගොඩදාන බව දුටු ඩලස් ප්‍රසන්න අමතමින් මෙසේ පැවසුවේ අන් අයටත් ඇසෙන පරිදි ය.
‘‘ප්‍රසන්න අද මෙතන වැඩ ටික හොඳින් කෙරුණා. අපේ ආණ්ඩුවක් ආපු කාලයක ඔයා තමයි ගු‍වන්තොටුපළ ඇමැති. අපි අද කොළඹ ගිය ගමන් මහින්ද මහත්තයාගෙන් ඒ ඉල්ලීම කරනවා…’’

මේ කතා බතා අස්සේ ගෝඨාභය රැගත් ගුවන්යානය ගුවන්තොටුපළට ළඟාවූ අතර ගුවන්යානය වෙතම ගිය ඩලස්, නාමල්, පියංකර, ප්‍රසන්න, රමේෂ් ඇතුළු පිරිස ගෝඨාභය පිළිගත්හ. ඉන් පසුව ගෝඨාභය කොළඹට කැඳවාගෙන ආවේ ද පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් සංවිධානය කර තිබුණු මනරම් රිය පෙරහැරකිනි.