Uncategorized

ඩයලොග් රටේ අනාගත තාක්ෂන ක්ෂේත්‍රයේ දක්ෂයන්ගේ හැකියා ඔප්නැංවීම සදහා බදුල්ලේදී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින්, Dialog Kids වෙනුවෙන් 2019 ඔක්තෝබර් 05 වෙනිදා බදුල්ලේදී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙය දිවයිනපුරා විසිරී සිටින තාක්ෂණ විෂය කෙරෙහි දක්ෂතා දක්වන දරුවන්ගේ හැකියා සහ දක්ෂතා ඔප්නැංවීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනට සමගාමීව සිදුවන අතර, මේ හරහා එම දරුවන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය අනාගත වෘත්තිය ලෙස තෝරාගැනීම සඳහා උනන්දු කරවයි.

දරුවන් 100 කට අධික පිරිසක් සහභාගි වූ මේ වැඩමුළුව ESOFT ආයතනය සමග සහයෝගිත්වයෙන් සංවිධාන කරනු ලැබූ අතර, බදුල්ලේ පිහිටි ESOFT Metro College හිදී එය පැවැත්විණි. මෙම නවතම මුලපිරීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට දායකවී එය ශක්තිමත් කිරීම සඳහා දරුවන් සක්‍රීයව සවිබලගන්වන, ඩයලොග් හි තිරසර කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යාමක් ලෙස දැක්විය හැක.

ඩයලොග් රටේ අනාගත තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂයන්ගේ හැකියා ඔප්නැංවීම සඳහා බදුල්ලේදී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වැඩමුළුවක් පවත්වයි.