ගොසිප්

ඩඩ්ලි වැලි මාෆියාවක් ගැන කියයි

ජනාධිපතිවරයා මේ ආකාරයට අලුත් සංවිධායකවරුන් පත්කරමින් පක්ෂය ශක්තිමත් කරන්නට සැරසෙද්දී, ඔහුගේ සොයුරු, ‘අරලිය සමූහ ව්‍යාපාර අධිපති ඩඩ්ලි සිරිසේන’ පොළොන්නරුවේ සිට ‘ජනාධිපති සිරිසේනටත් ඔහු විසින් නායකත්වය දෙන රජයටත් වැලි ගසන’ සටනක් අරඹා තිබේ.

බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් පවත්වමින්, ඔහු පැවසුවේ, මනම්පිටියේ මෙන් ම කොළඹ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මඟින් ‘වැලි මාෆියාවක්’ කරන බවය. එය පොළොන්නරුවේ පාරම්පරික වැලි කර්මාන්තයට මරු පහරක් වී ඇතැයි ද ඩඩ්ලි කියා සිටියේය.

එහිදී ‘ඔබගේ සොයුරු ජනාධිපතිවරයාගෙන් මීට සහනදායී පිළිතුරක් ලැබුණේ නැද්දැ’ යි මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින්, ඔහු පැවසුවේ මෙසේ ය.

‘‘මං එයාගෙන් අහල ව්‍යාපාර කරලත් නෑ. එයා මගෙන් අහල දේශපාලනය කරන්නෙත් නෑ. මට ඒක අදාළත් නෑ…’’