brand logo
logo

ටෙස්ට් ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට

25 February 2019

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ‌ලැබූ ඉතිහාස ගත ටෙස්ට් ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ සහ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා අනුව එම ටෙස්ට් තරගයෙන් පසුව නිකුත් කළ ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි මෙසේ ක්‍රීඩකයන් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් හා ඕෂද ප්‍රනාන්දු කැපි පෙනෙන් ලෙස ඉදිරියට පැමිණීම සමත්ව තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් අතර 18 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමිනි. ඕෂධ ප්‍රනාන්දු ටෙස්ට් පිතිකරුවන් අතර 65 වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා ඕෂධ ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග දෙකෙන් ජාත්‍යන්තර පිටියට පිවිසියේ. නිරෝෂන් දික්වැල්ලද ස්ථාන 8ක් ඉදිරියට පැමිණ 37 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
 

More News..