අතන මෙතන

ටියුෂන් පොලිටික්කෙකුට මැදගොඩ අභයතිස්ස හිමිගෙන් සැර කතාවක් 

මේ පොතක් අච්චු ගහල අම්බානෙකට නාගෙන ඉන්න කොළඹින් ඡන්දේ පරාද වෙච්ච ටියුෂන් ගුරෙක්ගෙන් පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙනේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කෝල් එකක් ආවලු.

හාමුදුරුවෝ පණ්ඩිත පන්නයේ මේ ගුරාගේ  ඇමතුම ගත්ත ගමන් පට පට ගලා කියවන්න පටන් ගත්තලු. ඉතින් මේ ගුරා කියනවලු හාමුදුරුවන්ට “තමුන්නාසේලා මිනිස්සු දෙන දේවල් කාලා ඉන්න අය..මිනිස්සු දෙන දේවල් කාලා ඉන්න අයට අයිතියක් නෑ හම්බකරගෙන කන අය ගැන කතා කරන්න” කියලා කිව්වලු.   හාමුදුරුවොත් දිවේ කටේ නොගෑවී මෙන්න මෙහෙම කිව්වලු “මැතිතුමනි නරියෝයි බල්ලොයි කියලා දෙජාතියක් ඉන්නවා නරියට හූ කියන්නත් පුළුවන්, රකින්න දේකුත් නෑ , බලන්න දේකුත් නෑ, සදාචාරෙකුත් නෑ ඔබ තුමාලා නරි උනාට අපිට තියෙන්නේ බල්ලගේ වගකීම” කියලා. ඒ පාර ඉතින් ඒ කතාව දරාගන්න බැරුව අර ගුරුන්නාන්සේ සටස් ගලා ෆෝන් එක කට් කරලා දැම්මලු.

සිද්ධි වෙලා දවස් දෙක තුනක් ගියාම අභයතිස්ස හාමුදුරුවොත් ඔන්න කතාව එළියට දැම්ම… මහා සෙනගක් ඉන්න වේදිකාවක් මැද්දේ… දැන් ගුරාට තවත් රිදිලලු ඉන්නේ…